November 17, 2017

අපේ විවාහ උත්සවේ ගත්තේ ජීනීවා පන්සලේ

By admin - Tue Jun 17, 10:02 am

CatPie14.06.14-2
යුරෝපයේ බොහෝ රටවල බුදු දහම පිළිබඳ පමණක් නොව බොදු සිරිත් පිළිබදවද බොහෝ දෙනා තුළ උනන්දුව ඇති වෙමින් පවතී. ස්විස්ටර්ලන්තයේ ජනිවීවාහි නීතිඥවරයෙකු වූ පියෙර් ෆොකනෙට් මහතා හා ප‍්‍රසිද්ධ ගායිකාවක වන කැතරින් මාර්ටිනෙට් මහත්මියගේ විවාහ උත්සවය ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානේයදී පසු ගියදා උත්කර්ෂවත්ව පැවත්විණ.

පාස්ටර් මරි සෙනෙක්ල මහත්මිය, ජාතික පව‍්‍රතෙස්තන්ත පල්ලිය නියෝජනය කරමින් ආගමික ආශිර්වාදය කළ අතර, ආචාර්ය තවලම ධම්මික නාහිමියන් හා ශාස්ත‍්‍රවේදී හල්විටිගල සුජාත හිමියන් පිරිත් දේශනා කර, අත පැන් වත්කර, පිරිත් නූල් බැද තෙරුවන් ආශිර්වාද ප‍්‍රාර්ථනා කලහ.

දෙදෙනාගේ පවුල් වල අයද හිත මිත‍්‍රයන් ද 50 කට ආසන්න පිරිසක් සහභාගී වූ මෙම උත්සවය ආගම් අතර පැවතිය යුතු සහන ශීලිත්වය මැනවින් ප‍්‍රදර්ශනය කෙරුණු මහගු අවස්ථාවක් ලෙස සහභාගීවූ සියළු ස්විස් ජාතිකයන්ගේ ප‍්‍රසාදයට ලක්වුනා.
CatPie14.06.14-1

Leave a Reply