November 19, 2017

රණවිරුවන්ට පිං අනුමෝදම් කිරීම සදහා මාවිල්ආරු සොරොව්ව ළග පිංකම් මාලාවක්

By admin - Thu Jun 19, 9:29 am

13_big
ශ්‍රි ලංකාවේ වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ පැවති රුදිරු ත්‍රස්තවාදය අවසන් කිරීම සදහා වූ මානුෂීය මෙහෙයුම ආරම්භවී වසර 8 ක් සපිරීම වෙනුවෙන් අද සහ හෙට (ජුනි 19, 20) යන දිනයන්හිදී එම මෙහෙයුමේදී දිවිපිදූ රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම සදහා වන පිංකම් මාලාවක් මාවිල්ආරු සොරොව්ව අසලදී පැවැත්වීමට සංවිධානය කර ඇත.

ඒ අනුව අද (19) දින රාත්‍රියේදී පිරිත් සඡ්ඡානාවක් පවත්වා හෙට (20) දින බෞද්ධ භික්ෂූන් වහන්සේ 100 නමක් විෂයෙහි දහවල් දානය පිරිනැමිමට කටයුතු සුදානම් කර ඇත.

එසේම රාත්‍රියේ පිරිත් ඇසිමට එන සියළුම බැතිමතුන් සදහා රාත්‍රි ආහාරය සැපයීමට කටයුතු යොදා ඇති බවද මෙම පිංකම් මෙහෙයවන සේරුවිල ඒකාබද්ධ ගොවි සංවිධානය නිවේදනය කර ඇති අතර පසුදා (20) උදේ එම ස්ථානයට පැමිණෙන සියළුදෙනා වෙතම නැවුම් එළකිරි වීදුරුවක් සැපයීමට කටයුතු යොදා ඇති බවද පවසා සිටී.

සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලු දෙනාටම බත සපයන මාවිල්ආරු ජල ධාරාවට ගෞරව කිරීමක්‌ ලෙස හා ත්‍රස්තවාදීන් විසින් 2006 වසරේදී වසා දමන ලද සොරොව්ව නැවත බේරාගෙන එය නැවත ප්‍රදේශයේ ගොවි ජනතාව වෙත ලබාදීම සදහා සිය ජීවිත පූජාවෙන් කටයුතු කරන ලද රණවිරුවන්ට පිංපෙත් පැමිණවීම සදහා කරන මේ පුද පූජාවන්වලට සහභාගී වන ලෙස ප්‍රදේශයේ සියලුදෙනාට ඇරයුම් කරන බවද සංවිධායක කමිටුව කියා සිටී.

Leave a Reply