November 17, 2017

පිච්චමල් පූජාවට දුම්රිය 8ක්

By admin - Sat Jun 21, 6:48 am

Pichchamal.jpg
ජුලි මස 05 වැනි දින පැවැත්වීමට නියමිත පිච්චමල් පුජාවට සහභාගිවන බැතිමතුන් ගේ ගමන් පහසුව සඳහා කොළඔ කොටුව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය අටක් ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

කොටුව දුම්රිය ස්ථානයෙන් ජුලි මස 04 වැනි දින පෙරවරු 07.05 කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන විශේෂ දුම්රිය අනුරාධපුරයට දහවල් 11.57 ට ළඟාවීමට නියමිතය.

ජුලි මස 05 දින කොටුව දුම්රිය ස්ථානයෙන් අළුයම 04.15 ටත් , පෙරවරු 07.05 හා ,07.50 ටත් ගමන් අරඔන විශේෂ දුම්රියයන්, අනුරාධපුරය දුම්රිය ස්ථානයට පෙරවරු 09.03,11.57 හා දහවල් 12.27 ළඟාවීමට නියමිතව ඇත.

ජුලිමස 06දින අනුරාධපුරය දුම්රිය ස්ථානයෙන් අළුයම 01.15,පෙරවරු 07.15 ,09.20,දහවල් 02.20ගමන් අරඔන දුම්රියයන් අළුයම 05.35ට, දහවල් 12.45ට, 02.05ට හා රාත්‍රී 07.42කොටුව දුම්රිය ස්ථානයට ළඟාවේ.

පිච්චමල් පූජාව සඳහා ගමන් ගන්නා බැතිමතුන් දුම්රිය පාපුරුවේ යාමෙන් හා ජනෙල්වලින් ඔළුව හා අතපය එලියට දැමීමේන් විශාල අනතුරු සිදුවන බැවින් මගීන් එසේ ගමන් කිරීමෙන් වලකින ලෙස දුම්රිය දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටී.

Leave a Reply