November 19, 2017

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ජූලි 27 දින කප් සිටුවීමෙන් ආරම්භ වේ.

By admin - Tue Jun 24, 9:05 am

Dalada_P_410px_15-08-13
මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ජූලි 27 දින සුබ මොහොතින් සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ආරම්භ වේ.

දේවාල අභ්‍යන්තර පෙරහර දින 05ක් පුරා පැවැත්වීමෙන් පසු ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු 01 දින වීදි සංචාරය කෙරේ.

අගෝස්තු 06 දින ප්‍රථම රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිත අතර අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන්නේ නිකිණි පුන් පොහෝ දින එනම් අගෝස්තු 10 දින රාත්‍රියේදීය.

පසුදා දහවල් පෙරහර පැවැත්වීමෙන් හා ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මහෝත්සවයෙන් පසු මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වේ.

Leave a Reply