November 22, 2017

ජාතික පිච්ච මල් පූජා අද

By admin - Sat Jul 05, 7:20 am

Pichchamal.jpg
විසිපස්වැනි වරටත් අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවැත්වෙන ජාතික පිච්ච මල් පුජාවට ලක්ෂ පහළොවකට අධික බැතිමතුන් අනුරාධපුර පින් බිමට පැමිණෙනු ඇතැයි සේරුවිල ‘ශාන්ති පද‍‍නම’ පවසයි.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ආශිර්වාදයෙන් ශාන්ති පදනමේ සභාපති කොටපොළ අමරකිර්ති හිමියන්ගේ අනුශාසනා මත මෙම පිච්චමල් පුජාව නම් වූ අධ්‍යාත්මික වැඩ සටහන පැවැත්උWවේ.

අද (05) දින පස්වරු 1.00 ට ථුපාරාම චෛත්‍ය අභියසින් පිච්චමල් රැගත් මහා පෙරහර ආරම්භ වී පස්වරු 4.30 ට ශ්‍රී මහා බෝ සමිදුන් අභියස වන්දනා වැඩ සටහන පැවැත් වේ.

රාත්‍රී 8.00ට පෙරහර රුවන්වාලි මහ සෑ රඳුන් ප්‍රදක්ෂිණා කැර රාත්‍රී 10.00 ට වන්දනා වැඩ සටහන හා ජයපිරිත් දේශනාව ආරම්භ කරනු ඇත.

හෙට(06) අළුයම කිරිපිඩු හා පළතුරු පුජාව ද පෙරවරු 9.00ට භාවනා වැඩ සටහන ද පවත්වා දහවල් මහා සංඝරත්නය හමුවේ සංඝගත දක්ෂිණාවක් පැවැත් වීමෙන් 2014 ජාතික පිච්චමල් පුජෝත්සවය නිමාවනු ඇත.

Leave a Reply