November 19, 2017

අස්ගිරි මහනාහිමියෝ ලන්ඩන් වඩිති.

By admin - Sat Jul 05, 7:43 am

තිස්ස මඩවල – ලන්ඩනයේ සිට
11
සියම් මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක හිමිපාන් වහන්සේ මේ දිනවල ලන්ඩන් නුවරට වැඩමකර සිටිති.

උන්වහන්සේ ලන්ඩන් නුවරට වැඩම කලේ මෙම මස 6 වෙනි ඉරිදා නැගෙනහිර ලන්ඩනයේ අභිනවයෙන් ආරම්භකර ඇති “ශ්‍රී සම්බෝධි ප්‍රජා සංවර්ධන පදනමේ” විහාරස්ථානය විවෘත කිරීමේ පිංකම සඳහාය.

ඉරුදින දහවල 3 සිට පැවැත්වෙන මෙම පිංකම සඳහා මහනා හිමියන් වහන්සේ සමඟ, අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ උප කුලපති ආචාර්ය තුම්මුල්ලේ සීලක්ඛන්ද නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික බදුලු මුතියංගන රජමහා විහාරස්ථානයේ භාරකාර පුජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන නාහිමි, කොළඹ සම්බෝධි විහාරස්ත බෞද්ධයා රුපවාහිනි සේවාවේ අධ්‍යක්ෂ පුජ්‍ය දෙරනගම කුසලධම්ම හිමි, රාජගිරිය දහම්සෙවන විහාරාධිපති පුජ්‍ය පන්නල පඥාලෝක හිමි, කොළඹ සම්බෝධි විහාරස්ත පුජ්‍ය ඕමාරේ සෝමිස්සර හිමි ඇතුළු මහා සංඝයා වහන්සේ සහ කීර්තිමත් බොදු නායකයින් කෙහිපදෙනෙකුම මෙම ලන්ඩන් නුවරට පැමිණ සිටිති.

මේඅතර පසුගිය බ්‍රහස්පතින්දා මහනාහිමියන් ඇතුළු පිරිස යුරෝපයේ ප්‍රමුඛ තම ථෙරවාද බෞද්ධ විහාරස්ථානය වන ලන්ඩන් බෞද්ධ විහාරයට පැමිණියහ.
ලන්ඩන් විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන් මහනා හිමියන් විහාරස්ථානය අබියසදී දෙපා නමස්කාරයෙන් පිළිගනු ලැබීය.

ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය ආරම්භ කිරීම මඟින් පිවිතුරු බුදුදහම ප්‍රචලිත කිරීම උදෙසා අනගාරික ධර්මපාල තුමන් පෙන්වූ දුර දක්නා නුවන පිලිබඳ සිහිපත් කරමින් අනුශාසනාවක් පැවැත්වූ මහනා හිමියන් වහන්සේ ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය මඟින් සිදුකෙරෙන සේවය අගය කරනා බවද පැවසුහ.
9

11

25

27

31

32

Leave a Reply