November 17, 2017

වීඩියෝ සහිතයි -කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ සංඝාවාසය ජනපති අතින් විවෘත කෙරේ

By admin - Mon Jul 07, 10:36 am

President_opens_Sangawasa_in_Ratmalana_20140707_03p11
රත්මලාන, කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථනයේ අභිනවයෙන් ඉදිකරන ලද නව සංඝාවාසය අද (ජූලි 07) දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා විසින් විවෘත කරන ලදී.

මෙම නව සංඝාවාසය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය හා මගපෙන්විම යටතේ ඉදිකරනු ලැබූ අතර මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා ආරක්ෂක ලේකම්වරයාද සහභාගී විය.

මෙම උත්සවයේ ආගමික වතාවත් පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධර්මාලංකාර නායක ස්වාමින් වහන්සේ විසින් සිදු කරනු ලැබීය. විහාරස්ථානයේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම නව සංඝාවාසය ඉදිකිරීම සඳහා බොහෝ දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන් විසින් අනුග්‍රහය ලබාදෙන ලදී.

සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ මගපෙන්වීම මත සිවිල් ආරක්ෂක බළකාය විසින් මෙම සංඝාවාසය ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය සපයනු ලැබීය.
President_opens_Sangawasa_in_Ratmalana_20140707_03p4

Leave a Reply