November 17, 2017

රටවිරුවන්ගේ මහගෙදරට වසර 28යි

By admin - Tue Sep 03, 3:47 am

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිහිටුවා වසර 28ක් පිරීම නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පසුගිය සෙනසුරාදා (31) කාර්යාංශයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.

තලවතුගොඩ ශ්‍රී බෞද්ධාරාම සිරි සුමන පරිවෙණාධිපති පූජ්‍ය ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය ආදළුවේ විජිතරංසි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සංඝයා වහන්සේලා 15 නමකගේ සහභාගිත්වයෙන් පිරිත් සජ්ඡායනය පැවැත්වූහ.
පසුදින මහා සංඝරත්නය විෂයෙහිලා උදෑසන හීල් දානය පිරිනැමූහ. එහිදී මහා සංඝරත්නයට විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් හීල් දානය පිරිනමන ලදි.
මෙයට අමතරව හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික වතාවත්ද පැවැත්විණි. මෙම ආගමික වැඩසටහන් කාර්යාංශයේ බෞද්ධ සංගමය මඟින් සංවිධානය කළේය
dilan232

Leave a Reply