November 19, 2017

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය කප් සිටුවීම ජූලි 27

By admin - Sat Jul 19, 5:23 am

081e8c5764bd56b44c2247712b2a1d08_XL
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් ඇසළ මහා පෙරහැර සඳහා සිව් මහා දේවාල කප් සිටුවීම ජූලි 27 සිදුකරන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

පළමු කුඹල් පෙරහර අගෝස්තු 01 වැනි දා ආරම්භ කරන අතර 05 වැනි දා දක්වා දින 05ක් කුඹල් පෙරහැර පැවැත්වේ.

ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු 06 ආරම්භ කෙරේ. එදින සිට අගෝස්තු 10 දක්වා දින 05ක් රන්දෝලි පෙරහර පැවැත්වේ. මෙවර අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 10 දින රාත්‍රී වීදි සංචාරය කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply