November 22, 2017

වීඩියෝ සහිතයි – එතෙරට වැඩම කරවන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ජනපති අතින් භාරදෙයි

By admin - Tue Jul 29, 4:17 am

01336e403a5c6a7805bfc02aea957d2a_XL
ලංකාවේ සිට ඇමරිකාවට හා දකුණු කොරියාවට වැඩම කරවන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා එම රටවල බෞද්ධ දූත පිරිස් වෙත භාරදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

ඇමරිකාවේ මීසොරි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය තවලම බෝධිසීහ හිමියන්ගේ සහ දකුණු කොරියාවේ සොක්වන්සා බෞද්ධ විහාරවාසී පූජ්‍ය දොඹගහවෙල දමිත හිමියන්ගේ අනුශාසනා පරිදි මේ පුණ්‍ය කටයුත්ත සංවිධානය කෙරිණි.

අරලියගහ මන්දිරයට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වෙත අරලියගහ මන්දිර පරිශ්‍රයේ බෝධීන් වහන්සේ අභියසදී ජනාධිපතිතුමා විසින් පුද පූජා පැවැත්වීමෙන් පසු බෞද්ධ දූත පිරිස් වෙත භාරදීම සිදු විය.

Leave a Reply