February 22, 2018

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර හෙට

By admin - Thu Jul 31, 5:19 am

f1407122-2
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර හෙට (01)යි. හෙට පස්වරු 05.45ට දකුණු දිශාභිමුඛව දේවාලයන්හිදී පිටත් වන පෙරහර සිරිත් පරිදි ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටට පැමිණෙනු ඇත.

පසුව පෙරහර රාත්‍රී 07.50ට දකුණු දිශාභිමුඛව පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ, දේව වීදිය, කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය), යටිනුවර වීදිය, රජ වීදිය, ඔස්සේ ඉහළට විත් ගෙවැදීමට නියමිතය.

Leave a Reply