November 19, 2017

මුරුංගස්යායේ නාහිමිට ආශිර්වාද පතා පින්කම් රැුසක්

By admin - Tue Aug 05, 9:14 am

Murunga gasyaye nanessara copy
ප‍්‍රංශයේ ජේතවනාරාමාධිපති ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගස්යායේ ඤාණිස්සර නාහිමියන් මෙම මස 10 වෙනි දින 70 වෙනි වියට එළඹෙති.

විද්‍යෝදය පිරිවෙනේ ආදි ශිෂ්‍යයකු මෙන්ම එහි ආචාර්යවරයෙකු ලෙසද සේවය කළ ඤාණිස්සර නාහිමියෝ ජාත්‍යන්තර ධර්ම¥ත සේවයට යොමුවී ප‍්‍රංශය කේන්ද්‍ර කරගෙන සුවිශේෂී මෙහෙවරක් කරති.

අඩු ආදායම්ලාභී පවුන්වලින් වෛද්‍ය විද්‍යාලවලට සමත්වන සිසුන්ට ශිෂ්‍යත්ව දීම, අසරණ පවුල්වලට නිවාස ඉදිකරදීම, සිසුන්ට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ දීම, රෝහල්වලට විවිධ උපකරණ පරිත්‍යාග කිරීම වැනි සේවාවන් රැුසක් ඤාණිස්සර නාහිමියන් විසින් වාර්ෂිකව සිදුකරති.

මුරුංගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ ඡුන්ම දිනය නිමිත්තෙන් මෙම මස 19 වෙනි පෝදා මිද්දෙණිය පුරාණ විහාරයේ සඟහරුවන හා උවැසි උවැසියන් උදෙසා දානමය පිංකම් සිදුකෙරේ.

මීට සමගාමීව වයෝවෘද්ධ පිරිසකට මෙන්ම සිසුසිසුවියන් උදෙසා රෙදිපිළි පිරිනැමීමේ පුඤ්ඤමය කටයුත්තක් සංවිධානය කර ඇත.

Leave a Reply