November 22, 2017

ශ්‍රී දළඳා වහන්සේට පවත්වනු ලබන මී පැණි පූජාව අඛණ්ඩව – ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්

By admin - Thu Aug 07, 5:52 am

n14080711
පළමු රන්දෝලි පෙරහර දින නව පෑ බුද්ධ පූජාව අවස්ථාවේ දී ආදිවාසී නායක ඇත්තන් ප්‍රමුඛ ආදිවාසීහු දළදා සමිඳුන්ට මී පැණි පූජා කිරීම අනාදිමත් කලක පටන් සාම්ප්‍රදායිකව සිදු කෙරෙන්නකි .

එ් අනුව මෙවරත් ඇසළ පෙරහර මංගල්ලයේ පළමු රන්දොලි පෙරහර පැවැත්වූ ඊයේ (06) උදෑසන ශ්‍රී දළදා මාලිගාව වෙත මීපැණි පූජාව සදහා පැමිණි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රමුඛ ආදිවාසීන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මැතිඳුන් විසින් පිළි ගනු ලැබීය

තමන් නායකත්වයට පත් වීමෙන් පසු මේ වන විට අඛණ්ඩව වසර 15 ක් මී පැණි පූජාව පවත්වා තිබෙන බවත් පැවසූ වන්නියලෑ ඇත්තෝ තමාගෙන් පසුව ද මෙම උතුම් පූජාව මේ ආකාරයෙන් සිදු කිරීමට තම රැහේ ඉදිරි නායකයන් ක්‍රියා කරනු ඇති බවද වන්නියලෑ ඇත්තෝ කීය.

ආදිවාසි නායකයා සමඟ 92 ක ගෙන් සමන්විත ආදි වාසී කණ්ඩායමක් මී පැණි පූජාව සඳහා පැමිණ තිබේ.

Leave a Reply