November 22, 2017

ආචාර්ය ආනන්ද ගුරුගේ සිහිකර ලන්ඩනයේ පින්කම්

By admin - Tue Aug 12, 4:15 am

තිස්ස මඩවල – ලන්ඩනයේ සිට
5
බෞද්ධ විද්වතකු, ගත් කතුවරයකු, කීර්තිමත් සිවිල් සේවකයකු හා තානාපතිවරයකු ද වූ අභාවප්‍රාප්ත ආචාර්ය ආනන්ද ඩව්ලිව්. පී. ගුරුගේ සිහිපත්කර එතුමන්හට පින් පැමිණවීමේ පින්කම් ලන්ඩන් බෞද්ධ විහාරයේ සහ ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වින.

ගුරුගේ මහතා දීර්ඝ කාලයක් තිස්සේ මෙම විහාරස්ථාන දෙකෙහිම වැඩ කටයුතු සඳහා නිරන්තරයෙන් සහභාගී වූ අයෙකි.

පින්කම් සඳහා ඒ මහතාගේ ඥාතීන් වන ලන්ඩන් නුවර පදිංචි මිල්ටන්, බෙනට් සහ පත්මා හෙට්ටිගොඩ සමඟ ඒ මහතා සමඟ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරු කාලයේ සිට සමීප ඇසුරක් පැවැත්වූ ආචාර්ය සුබද්‍රා සිරිවර්ධන, හිටපු මහා කොමසාරිස් චන්ද්‍රා මොනරාවල සහ හිත මිත්‍රාදීන් බොහෝ පිරිසක් සහභාගී වුහ.

ලන්ඩන් බෞද්ධ විහාරයේ පිංකම විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන් සහ විහාරවාසී මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එහිදී අනුශාසනාව පැවැත්වූ සීලවිමල නාහිමියන් ” ලන්ඩන් බෞද්ධ විහාරයේ සියලුම ආගමික වැඩකටයුතු සඳහා බොහෝ කාලයක සිට සහයෝගය දැක්වූ ගුරුගේ මහතාගේ හදිසි අභාවය විහාරස්ථානයට පමණක් නොව ශ්‍රී ලංකාවේත් ලෝකයේ වෙනත් රටවලත් බොහෝ දෙනෙකුට සිදුවූ අති විශාල පාඩුවක්” බවය.
සැප්තැම්බර් 21 වෙනිදින ලන්ඩන් නුවරදී පැවැත්වෙන අනගාරික ධර්මපාල ගුණ සමරු උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ආරාධනා කර තිබුනේ ගුරුගේ මහතාට බව සිහිපත්කල නාහිමියෝ බෞද්ධ ඳර්ශනය පිළිබඳ විශාරද දැනුමක් හිමිකරගෙන සිටි ජගත් කීර්තියට පත් විද්වතෙකු වූ ගුරුගේ මහතාගේ වියෝවෙන් සිදුවූ හිදැස පිරවීම පහසු නොවන බවද අවධාරණය කළේය.

කින්ස්බරි සද්ධාතිස්ස විහාරස්ථානයේ පැවති පිංකම සඳහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත පුජ්‍ය ගලයායේ පියදස්සි නාහිමියන් ඇතුළු විහාරවාසී සියලුම මහා සංඝරත්නය සහභාගී වුහ.

ගුරුගේ මහතා විහාරස්ථානය සමඟ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය සමීප ඇසුර අගේ කල පියදස්සි හිමියෝ ගුරුගේ මහතා සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තායිලන්තයේ බැංකොක් බෞද්ධ විශ්ව විද්‍යාලය සමඟ සම්බන්ධතාවයක් ඇතිකිරීම සඳහා මුලිකව ක්‍රියාකළ අයෙකු බවද සඳහන් කළේය.

අනුශාසනාව පැවැත්වූ ආචාර්ය හාඳුපැල්පොල මහින්ද හිමියන් ” සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි ඇතුළු භාෂා කිහිපයක ප්‍රවීණත්වය හිමිකරගෙන සිටි ආචාර්ය ගුරුගේ අතින් සිදුවූ විශිෂ්ඨ ක්‍රියාවන් අතරින් චීන බසින් ලියා ඇති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසි බසට පෙරලා ප්‍රසිද්ධ කිරීම ප්‍රධාන වන බව” පැවසිය.
4

6

10

11

28

31

Leave a Reply