November 22, 2017

ජර්මනියේ බුදු දහමේ තවත් පිපිදීමක්

By admin - Tue Sep 09, 6:34 am

germany_Page_4 copy
ථෙරවාදි බුදුදහම කෙරෙහි නැඹුරුවන ජර්මන් ජාතිකයන්ගේ දහම් පවස නිවාලීමත් ජර්මනිය පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආගමික හා සංස්කෘතික අවශ්‍යතාවන් සපුරාලීමෙන් උදාර අරමුණින් ජර්මනියේ උතුරු ප්‍රදේශයේ පරිසර හිතකාමී රමණීය නගරයක් වන Schneverdingen හි වර්ග මීටර් 1200 පමණ භූමිභාගයකින් යුක්ත වූ Bockheberer Weg 01 යන ස්ථානයේ දී ශ්‍රී ලංකා මහා විහාරය නමින් අභිනව විහාරස්ථානයක් ස්ථාපිතර කිරීම සඳහා මේ දිනවල සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතී.
කථිකාචාර්ය රත්ම‍ලේ පුඤ්ඤරතන හිමියන්ගේ අනුශාසනා පරිදි හැම්බර්ග් බෞද්ධ සංගමය මෙම සක්කාර්ය යෙහි නිරතව සිටින අතර වර්ෂ 2014 වූ නොවැම්බර් මස 02 වන ඉරුදින එම විහාරස්ථානය සඟසතුකොට පුජා කිරීමට බලා‍පොරොත්තු වේ.
germany_Page_2 copy

germany_Page_3 copy

Leave a Reply