November 17, 2017

අන්තර් ජාතික බෞද්ධ සංස්කෘතික උළෙල මෙම සමස 25 -26 -27-28 යන දිනයන්හි

By admin - Thu Sep 05, 9:59 am

දෙවන අන්තර්ජාතික බෞද්ධ සංස්කෘතික උළෙල මෙම සමස 25 -26 -27 යන දිනයන්හි පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දි පැවැත්වේ. ලොවපුරා රටවල් 47 ක බෞද්ධ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ආයතනය මඟින් මෙය සංවිධානය කරයි.
විවිධ රටවල බෞද්ධ සංස්කෘතික අංග එක්තැන් කොට එය ලොවපුරා ප‍්‍රචලිත කිරීමත් බුදුදහමේ හරය වැදගත්කම පිළිබඳව පණිවිඩයක් ලබාදිමත් මෙහි අරමුණ වී තිබේ.
මේ සඳහා චීන රජය විසින් මුල්‍ය අනුග‍්‍රහය ලබාදෙන අතර දළදා මාළිගාව හා අස්ගිරි මල්වතු නාහිමිවරුන්ගේ අවවාද හා අනුශාසනා සහ දායකත්වය ලබාදේ. ලෝකයේ විවිධ රටවලින් මහා නායක හිමිවරු ඇතුළු බෞද්ධ නියෝජිතයන් 800 ක් පමණ මේ අවස්ථාවට එක් වීමට නියමිතය.

flag1

Leave a Reply