November 22, 2017

ජපානයේ ශී‍්‍ර ලාංකික මිතුරු කැල සංවිධානය කරන ආශිර්වාදාත්මක පින්කම අගෝස්තු 10 වන දා

By admin - Tue Sep 30, 5:54 am

japana
දිමුතු දුෂ්මන්ත – ජපානයේ සිට

දෙලොව දියුණුව පතා, ආශිර්වාදාත්ක ති‍්‍රවිධ බෝධි බුද්ධ පූජා පිංකමක්, ධර්ම සාකච්ඡුාවක් සහ සෙත් පිරිත් දේශනාවක් අගෝස්තු මස 10 වැනි ඉරිදා නිකිනි පුර පසළොස්වක පොහෝ දින සවස 2.00 සිට 5.00 දක්වා ජපානයේ කනගාවා පළාතේ අයසෙ ෂි, තෙරහන්චො, තෙරඔ අයකිත ගිචි කයිකන් ශාලාවේදී පැවැත්වේ.

ඒ ශී‍්‍ර ලංකා මානුෂීය මෙයෙයුමේදී රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමට සහ සේනාධිනායක ශී‍්‍රමත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු රණවිරුවන්ට සෙත් පතායි.

මෙහෙයවනු ලබන්නේ මොරොන්තුඩුව පුරාණ සත්බුදු විහාරාධිපති කම්මඨාන විශාරද විචිත‍්‍ර ධර්ම කථික, පුජ්‍ය පරගස්තොට සුධම්ම නායක ස්වාමින් වහන්සේ විසින්.

සංවිධානය ජපානයේ ශී‍්‍ර ලාංකික මිතුරු කැල

Leave a Reply