November 22, 2017

ධර්ම චක‍්‍රය සපත්තුවකට එක්කට අයෙක් අත්අඩංගුවට

By admin - Wed Oct 01, 4:14 am

nawa5-2
බළන්ගොඩ නගරයේ වෙළඳ සැලක ආන්දෝලනාත්මක පාවහන් විකිණීමට ගබඩාකර තැබූ පුද්ගලයෙක් සඳුදා (29) වැනිදා පස්වරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල පාවහන් ධර්මචක‍්‍ර සළකුණ සහිත ඒවා බවත් එවැනි සපත්තු කූට්ටම් 30ක් තිබී සොයාගෙනඇති බවත් පැවසේ.

බළන්ගොඩ නගරයේ තරුණ පිරිසක් බළන්ගොඩ බස්නැවතුම් පොලේ ඉහළමාලයේ සපත්තු කඩයක මෙලෙස ධර්මචක‍්‍ර සහිත පාවහන් විකිණීමට තබා ඇතැයි බළන්ගොඩ තුඹගොඩ ශී‍්‍ර සුදර්ශන මහා විහාරවාසී බළන්ගොඩ සමාජ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ ඉඹුල්පේ විජිතවංශ හිමියන් වෙත දන්වා ඇත. ඒ අනුව බළන්ගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් ශාස්ත‍්‍රපති පුජ්‍ය මස්සැන්නේ විමලඥාණ හිමියයන් බළන්ගොඩ පොලීසියට පැමිණිලිකර තිබේ. බළන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ගේ මුළිකත්වයෙන් පොලීසිය විමර්ශන සිදුුකරනු ලබන අතර සැකකරු අත්අඩංගුවෙ ගෙන ඇත. . මෙහිදී සැකකරු පවසා ඇත්තේ මෙම පාවහන් චීනයෙන් ආනනයනය කරන ලද ඒවා බවත් මීගමුවෙ වෙලඳ සැලකින් තමා එම පාවහන් ගෙන්වා ඇති බවත් ය.

සියුම් පරීක්ෂා කිරීමේදී පෙනීයන්නේ එම සපත්තු නිමාව හොඳින් කර තිබුණත් පසුව මෙම ධර්ම චක‍්‍ර සහිත කොටස් එකතු කර ඇති බවත් ය. මීට පෙරද බළන්ගොඩ නගරයෙන් අවස්ථා ගණනකදී ශී‍්‍ර සද්ධර්මය හා ආර්ය අෂ්ඨාංග මාර්ගය නිරූපනය කරන බෞද්ධ සංකේතයක් වන ධර්මචක‍්‍රය පාවහන් වලට යොදාගෙන අලෙවිකළ කළ පුද්ගලයන් පිලිබඳව වාර්තා වේ.
nawa5-1

Leave a Reply