December 17, 2017

වීඩියෝ සහිතයි – බෙල්ලන ශ‍්‍රී ඤාණවිමල මාහිමිපාණන් වහන්සේගේ ශ‍්‍රී දේහයට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවසන් ගෞරව දක්වයි

By admin - Mon Oct 06, 11:54 am

Untitled-1
අපවත්වූ සියම් මහා නිකායේ කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමග‍්‍රීධර්ම මහා සංඝ සභාවේ අතිගරු මහා නායක ධුරන්දර අග්ගමහා පණ්ඩිත, සාහිත්‍ය සූරී බෙල්ලන ශ‍්‍රී ඤාණවිමල මාහිමිපාණන් වහන්සේගේ ශ‍්‍රී දේහයට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවසන් ගෞරව දක්වනු ලැබුවා.
උන්වහන්සේගේ ආදාහන පූජ්‍යෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය යටතේ හෙට සවස 3.00 ට කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ දී සිදු කිරීමට නියමිතයි.
මෙරට වැඩ සිටි ධර්ම විනයධර සම්භාවනීය මහනාහිමි නමක් වන උන්වහන්සේ අපවත් වන විට අනූ පස් වන වියෙහි පසුවුනා.
කළුතර දිස්ත‍්‍රික්කයේ බෙල්ලන ග‍්‍රාමයෙහි 1920 මාර්තු 26 දින උපත ලද උන්වහන්සේ 1929 මැයි 23 දින බෙල්ලන ශ‍්‍රී ධර්මපාල පිරිවෙනේ දී පැවිදි බිමට ඇතුළත් වුනා.
50 දශකයේ සිට 80 දශකය පමණ වනතුරු බෙල්ලන ශ‍්‍රී ධර්මපාල පිරිවනේ පරිවනාධිපති ධූරය උසුලමින් උන්වහන්සේ සුපේෂල ශික්ෂාකාමී භීක්ෂුන්වහන්සේලා දහස් ගණනක් ශාසනයට දායාද කළ අතර අනගාරික ධර්මපාලතුමන් ගෙන ගිය වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම සඳහා උන්වහන්සේ 1940 දශකයේ ඉන්දියාවේ ධර්ම¥ත සේවාවේ නිරත වූ වුනා.
ඥානවිමල මහනාහිමියන් ලන්ඩනයේ, තේම්ස් භාවනා මධ්‍යස්ථානය මුල් කර ගනිමින් කලක් ධර්ම¥ත සේවාවේ නිරත වු අතර සිය ධනය වැය කරමින් නාගොඩ ශ‍්‍රී සෝභිත සංඝාරාමවිහාරස්ථානය ඉදිකිරීම ද උන්වහන්සේගේ සිදුකළ ශාසනික සේවාවේ සුවිශේෂි කටයුත්තක්.
පාලී, සංස්කෘත, ඉංග‍්‍රීසි ඇතුළු භාෂා කිහිපයක් පිළිබඳ හසල දැනුමකින් හෙබිඋන්වහන්සේ ධර්ම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ රැුසක් ද රචනා කරනු ලැබුවා.
උන්වහන්සේ රචනා කරන ලද පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක් නම් ග‍්‍රන්ථය වඩාත් කථාබහට ලක්වූවක්.
1969 දී කෝට්ටේ සංඝ සභාවේ උපසම්පදා කාරක සභාවට තේරීපත් වූ බෙල්ලන මහ නාහිමියෝ සංඝ සභාවේ තනතුරු රාශියක් දරා ඇති අතර 1997 දී අනුනායක පදවියටත් 2000 දී අති පූජ්‍ය මහානායක පදවියටත් පත්වූනා.
මේ සම්බන්ධයෙන්

Leave a Reply