November 22, 2017

සදහිරු සෑයෙහි ධාතූන් තැන්පත් කිරීම නොවැම්බර් 23 දා ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන්

By admin - Thu Oct 09, 10:28 am

Placing_of_omniscient_sacred_relic_at_Sandahiru_Seya_20141007_03p2
දශක තුනක කාලයක් පුරා අප රට වෙලාගෙන තිබූ බිහිසුණු ත්‍රස්තවාදය නිමා කිරීම පිණිස තම ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ට ගෞරව කිරීම පිණිස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මගින් අනුරාධපුරයේ ඉදිකරන සඳහිරු සෑයෙහි ධාතු තැන්පත් කිරීම ලබන මස (නොවැම්බර්) 23 දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ඇත.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා හයදහස් පන්සීයක් (6500) දෙනා මෙම ධාතු තැන්පත් කිරීමේ උත්සවය සඳහා සහභාගී වන අතර මෙම පුණ්‍ය කටයුත්ත සඳහා ආශීර්වාද ලබා ගැනීම සඳහා දින 7 ක් පුරා පිරිත් සඡ්ඣායනා කිරීමද මීට සමගාමීව සිදු කරනු ලබන බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේදී පැවති ප්‍රවෘත්ති පත්‍ර සාකච්ඡාවකදී නිරාවරණය කෙරුනි.

රුදුරු ත්‍රස්තවාදයෙන් අප මාතෘ භූමිය නිදහස් කර ගැනීම සඳහා සිය ජීවත පූජාවෙන් යුද වැදුන රණවිරුවන්ට ගෞරව කිරීම සඳහා පළාත් 9 තුල ඉදිකිරීමට නියමිත ස්ථූප 9 අතරින් ඉදිකරනු ලබන ප්‍රථම ස්ථූපය වන සදහිරු සෑය අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත අනුරාධපුරයේ සාරානන්ද පිරිවෙන අසල භූමිභාගයක ඉදිකරනු ලබන අතර මෙම ස්ථූපය සඳහා ගඩොල් මිලියන 30 ක් හා සිමෙන්ති කොට්ට 40,000 ක් පමණ වැයවෙතැයි ගණන් බලා ඇත.

මෙම ස්ථූපය පළලින් අඩි 255 ක් වන අතර උසින් අඩි 279 කි. මෙම සදහිරු සෑය ස්ථූපය ඉදිකිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් මිට ඉහතදී රුපියල් මිලියන 25 ක් පරිත්‍යාග කරනු ලැබ ඇත.

Leave a Reply