November 17, 2017

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරස්ථානයේ කඨින පුණ්‍ය උත්සවය ඉහලින්.

By admin - Wed Oct 15, 2:12 am

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරස්ථානයේ 2014 වර්ෂයේ කඨින පුණ්‍ය මහෝත්සවය 2014 ඔක්තොම්බර් මස 11 හා 12 දෙදින තුළ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය.

විහාරාධිපති අග්ගමහ පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි ඔක්තොම්බර් මස 11 වන සෙනසුරාදා සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනයක් හා ඔක්තොම්බර් මස 12 වන ඉරිදා 50 නමක් විෂයෙහි දහවල් දානය පිරිනමන ලදි.

ධර්මවිජය යන්නෙහි අර්ථය මනාව ඔප්නංවමින් මෙවර කඨින පිංකමේ දායකත්වය ගෙන තිබුණේ වියට්නාම ජාතික පිරිසක් විසිනි.

වියට්නාම ජාතිකයින්ගෙන් වැඩිදෙනෙකු ථෙරවාදී න්‍යාය අනුගමනය නොකළ ද පියනන්ද නා හිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි

ථෙරවාදී නොවන වෙනත් ජාතිකයිනුත්, බෞද්ධ නොවන විවිධ ජාතිකයිනුත් ධර්මවිජය විහාරයානුබද්ධව විවිධ ආගමික කටයුතුවල නිරත වෙති. එය පියනන්ද නා හිමියන්ගේ ජාත්‍යන්තර ධර්ම ¥ත මෙහෙවරෙහි ප‍්‍රතිඵලයකි.

ලොස් ඇන්ජලීස් නගරය අවට ජීවත් වන විශාල ලාංකික පිරිසකගේ පිං කෙත වූ ධර්ම විජය විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය සුවිශේෂී වන්නේ ත් විවිධ ජාතිකයින් සහභාගී වන නිසාමය.

පිංකමට සහ භාගී වුවන් අතර ශ‍්‍රී ලංකාවේ, ලොස් ඇන්ජලීස් හි වැඩබලන කොන්සල් ජනරල් මල්රාජ් සිල්වා මැතිතුමා හා දෙහිවල ගල්කිස්ස නගරාධිපති ගරු ධනසිරි අමරතුංග මැතිතුමාද වූහ.

මෙම කඨින පිංකම සාර්ථක කර ගන්නට විහාරස්ථ භික්‍ෂූන් වහන්සේලා මෙන්ම දායක පින්වතුන්ගේ කැපවීම අතිශය අගය කළ යුතුය. විශේෂයෙන් ම විහාරස්ථ දහම්පාසලේ ලොකු කුඩා සියලූම දරු දැරියන් ද මෙම පිංකම සාර්ථක කරගැනීම ට සුවිශේෂී දායකත්වය දැක්වීය.
unnamed (2)

unnamed (3)

unnamed (1)

unnamed

Leave a Reply