December 17, 2017

වීඩියෝ සහිතයි- දහමේ අගය දෙව්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නැවතත් ගෙන ගිය නායකයා

By admin - Wed Oct 15, 5:05 am

01
සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පවරාදීමට යාපනයට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය වෙත ද ගොස් ආගමික වතාවත්වල නිරත ව ආශිර්වාද ලබා ගත්තේය.

නාගදීප රජමහා විහාරාධිපති අමරපුර නිකායේ උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද නවදගල පදුමකිත්ති ස්වාමීන් වහසේ ද බැහැදුටු ජනාධිපතිතුමා, උන්වහන්සේගේ සුවදුක් විමසා සුහද පිළිසඳරක නිරත විය.

රජමහා විහාරස්ථානයේ ඉදිකෙරුණු රියන් 32ක් උසින් යුත් අභය මුද්‍රාව සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිර්මාණ කටයුතු ආරම්භ කිරීම සහ සිතුවම් සහිත නාග ලෝකයේ ඉදිකිරීම් ආරම්භ කිරීම ද ජනපති අතින් සිදු විය.

Leave a Reply