November 22, 2017

නව විහාර කර්මාන්තයකට ආරක්‍ෂක ලේකම්තුමන් අතින් මුල්ගල්

By admin - Fri Oct 17, 3:32 am

අතුරුගිරිය ආර්ය නිකේතනයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල්ගල් තැබීම රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් පසුගියදා සුබ මොහොතින් සිදු කෙරිණි.

අඩි 60ක උසින් යුත් මෙම විහාරයේ මල්වියනක් කඳු මුදුනේ නිර්මාණය කිරීමට නියමිතය. මේ සඳහා මුල්‍ය දායකත්වය ඩබ්.ඩබ්.සී. බණ්ඩාර මහතා සපයනු ඇත. අතුරුගිරිය ආර්ය නිකේතනය භික්‍ෂුත්වය අපේක්‍ෂා කරණ පිරිස වෙනුවෙන් වන පුහුණු නිකේතනයකි.

මෙම පුණ්‍ය කර්මය සඳහා මහා සංඝරත්නය වැඩම කර සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා, ප්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් ද සහභගි වී සිටියහ.
Secretary_Defence_attends_foundation_Stone_laying_ceremony_20141012_04p2

b1cfcec9c78b0a86ee10def22355e2e7_XL

Leave a Reply