November 17, 2017

ලෝක බෞද්ධ මහා සමුළුව ඇරඹේ.

By admin - Fri Oct 17, 5:49 am

C630N0054H_2014資料照片_N71_copy1
ලෝක බෞද්ධ මහා සමුළුවට චීනයේ බීජිං නුවර ඓතිහාසික ෆාමන් බෞද්ධ විහාරස්ථානයේදී ආරම්භ කරනු ලැබුවා.

මෙරට කීර්තිමත් විද්වතෙකු වු ආචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමන්ගේ අදහසක් අනුව 1950 මැයි මස 25 වෙනිදා කොළඹ දී ආරම්භකරන ලද මෙම ලෝක බෞද්ධ මහා සම්මේලනයට මේ වසරේදී 64 වසරක් සපිරෙන සපිරෙනවා.

රටවල් 35 ක මහායාන, ථේරවාද හා වජ‍්‍රායන බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ඇරඹී මෙම සම්මේලනයේ ප‍්‍රධාන අරමුණ වන්නේ බෞද්ධ ඉගැන්වීම් වඩාත් නිවරදි ආකාරයෙන් පිළිපැදීම සහ බුදුදහම ප‍්‍රචාරනය කිරීම වන අතර සමාජ, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු සංවිධානය කරමින් මානව හිතවාදී සේවයක නියැලීමයි.

27 වන ලෝක බෞද්ධ මහා සමුලූව ලොව පුරා රටවල් රැුසක බෞද්ධ නායක ස්වාමීන්වහන්සේලා මෙන්ම ගිහි ප‍්‍රභූ පිරිස්ද ඇතුලූව 600 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇති.

මෙම සමුළුවට සහභාගීවීම සදහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂ ¥ත පිරිසක් චීනය බලා පිටත්ව ගියා.

ඒ අතර කොළඹ-හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක, කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති පෑලයගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේනාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ ¥ත පිරිසේ නායනත්කවය දරනු ලබනවා.

ලෝක සාමය හා සහජීවනය වෙනුවෙන් වඩතේ ඵලදායී අයුරින් ක‍්‍රියාකිරීමත්, අනෙකුත් සංවිධාන හා එකමුතුව වඩාත් සුරක්ෂිත හෙට දිනක් සඳහා කටයුතු කිරීම වෙනුවෙන් ලෝක බෞද්ධ මහා සම්මේලනය වර්තමානයේදී පෙරමුණ ගෙන සිටී.

Leave a Reply