November 19, 2017

සද්ධාතිස්ස බෞද්ධ විහාරයේ පින්බර කඨින පිංකම

By admin - Tue Oct 21, 3:41 am

තිස්ස මඩවල – ලන්ඩනයේ සිට
ලන්ඩන් නුවර ශ‍්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම සඳහා දෙදින තුල දහසකට වැඩි සැදැහැවතුන් සංඛ්‍යාවක් සහභාගී වුහ.
මෙම පිංකම සඳහා ශ‍්‍රී ලංකාවේ සිට සිංහල ශබ්ධ කෝෂයේ හිටපු ප‍්‍රධාන කර්තෘ බස්නාහිර පළාතේ ප‍්‍රධාන සංඝ නායක පුජ්‍ය අකුරටියේ නන්ද නාහිමි, කොළඹ ඇලන්මැතිනියාරාමාධිපති පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි, ගාල්ල කච්චුවත්තේ පුරාන විහාරාධිපති පුජ්‍ය උළුවිටිකේ බෝධිසීහ හිමි, පුජ්‍ය නෙපාලේ තිස්ස හිමි, පුජ්‍ය ගලයායේ ධම්මදස්සී හිමි සහ ප‍්‍රංශ බෞද්ධ විහාරවාසී පුජ්‍ය නාගල උපනන්ද යන හිමිවරුන් විශේෂ ආරාධනා ලැබ වැඩම කළහ.

සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානාධිපති මහා බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත පුජ්‍ය ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වන ලද පිංකම සඳහා පුජ්‍ය කබලෑවේ සිරි සුමන, පුජ්‍යා ආචාර්ය හාඳුප්පල්පොල මහින්ද, පුජ්‍ය බොහින්ගමුවේ රතනජෝති, පුජ්‍ය මාතලේ විජේවන්ත, පුජ්‍ය විල්බාගෙදර ඥානිස්සර, පුජ්‍ය වස්කඩුවේ සුබෝධි, පුජ්‍ය කැටියපේ අමිතසාර, පුජ්‍ය ගලිගමුවේ ඥානසාර සහ නෙපාලේ සුමන යන ස්වාමීන් වහන්සේලාද සහභාගිවුහ.

කඨින පින්කමේ දායකත්වය දරන ලද්දේ වෛද්‍ය ගයත‍්‍රී ඉලංගකෝන්, සංඛ ඉලංගකෝන් සහ ඔවුනගේ දෙමාපියන් වන කාලිංග ඉලංගකෝන් සහ මංගලිකා ඉලංගකෝන් විසිනි.

පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් මෙහෙයවූ අටවිසි බුද්ධ පුජා පින්කම සඳහා අලංකාර මණ්ඩපයක් සකස්කර තිබුණු අතර විහාරස්ථානයද අලංකාර අන්දමින් සරසා තිබුණි.

පසුගිය ජුලි 12 වනදින පැවැත්වූ වස් ආරාධනා පින්කමෙන් අනතුරුව පියදස්සි නාහිමියන්ගේ උපදේශකත්වයෙන් වස්සාන තෙමස ඇතුලත සති අන්තයේදී මහා සතිපට්ඨාන සුත‍්‍ර දෙශනාව මාතෘකා කොටගත් ධර්මදේශනා සහ ධර්ම සාකච්චා පවත්වනු ලැබිය.

කඨින පින්කම ආරම්භ කෙරුනේ සෙනසුරාදා සවස පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් මෙහෙයවූ අටවිසි බෝධි පුජා පින්කමකිනි. ඒ සඳහා විහාරස්ථානයේ ඉඩකඩ මදිවන තරමට විශාල සැදැහැවතුන් සංඛ්‍යාවක් පැමිණ සිටියහ.

පසුදින අලූයම පින්කමේ දායකත්වය භාරගත් ඉලංගකෝන් පවුලේ සාමාජිකයින් සමඟ විහාරස්ථානයේ දායක කාරකාදීන් සහභාගිවූ අලංකාර පෙරහරකින් කඨින වස්ත‍්‍රය විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබිය.

පුජ්‍ය නාගොඩ උපනන්ද සහ පුජ්‍ය උළුවිටිකේ බෝධිසීහ හිමියන් විසින් විනය කර්මය සිදුකල අතර වැඩමකර සිටි මහා සංඝරත්නයේ එකඟතාවය අනුව කඨින චීවරය පුජ්‍ය කැටියපේ අමිතසාර හිමියන්ට පුජාකෙරුණි.

පිංකම සඳහා ලන්ඩනයේ වැඩ බලන ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ශාමලී රොඞ්රිගෝ, මහත්මීන්ද සහභාගීවුහ.
3

5

19

20

21

31

41

42

53

56

59

62

Leave a Reply