November 17, 2017

යුරෝපයට අයත් ඩෙන්මාර්කයේ කෝපන් හේගන් විහාරයේ කඨින පූජෝත්සවය

By admin - Mon Oct 27, 6:39 am

DSC00250
ඩෙන්මාර්කයේ කෝපන් හේගන් විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමිගේ අනුශාසනා පරිදි මෙම මස 24, 25 දෙදින තුළදී පැවැත්විණ.

ස්කැන්ඩිනේවියානු රටවල ප්‍රධාන සංඝනායක හා ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් විහාරාධිපති කිරිඳිගල්‍ලේ ධම්මරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම කඨින පින්කමට ස්ටොක්හෝල්ම් විහාරයේ මාත‍ලේ ධම්මඛන්ධ, ලුණුකඩවැල්ල රජමහ විහාරයේ භාරකාර කිරිඳිගල්‍ලේ ඤාණරතන යූ. සෝභන, ජර්මනියේ මයින්ස් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රත්ම‍ලේ පුඤ්ඤරතන හාලියා‍ලේ විමලරතන (ජිනිවා) තලංගල්‍ලේ සුමංගල (ප්‍රංශය) මාරතුගොඩ මනිරතන (නෝර්වේ) යන හිමිවරු වැඩම කළහ. කෝපන් හේගන් බෞද්ධ විහාරස්ථ දායක සභාවේ පූර්ණ සංවිධායකත්වයෙන් පැවැති මෙම පින්කමට ඩෙන්මාර්ක්, ස්විඩන්, නොර්වේ ඇතුළු රටවල විශාල පිරිසක් සහභාගිවූහ.
DSC00246

DSC00249

DSC00251

Leave a Reply