November 19, 2017

අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වන න්ම සංවත්සරය නිමිත්තෙන් ඉන්දියායාවේ සමරු මුද්දරයක්

By admin - Tue Oct 28, 5:40 am

1012674_579720708794581_1948419335029242027_n
අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වන න්ම සංවත්සරය නිමිත්තෙන් ඉන්දියාව විසින් සමරු මුද්දරයක් නිකුත් කර තිබෙනවා

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එය ඉන්දීය ජනාධිපති ප‍්‍රනාබ් මුඛර්ජි මහතා විසින් සිය නිල නිවස වන නවදිල්ලියේ පිහිටි රාෂ්ට‍්‍රපති භවන් හිදි නිකුත් කළ බවයි.

බුද්ධගයාව සහ ශී‍්‍ර මහා බෝධිය ආරක්ෂා කර ගැනීමට දැවැන්ත උත්සාහයක නිරත වූ අනගාරික ධර්මපාලතුමා මහාබෝධි සමාගමේ නිර්මාතෘවරයාද වනවා.

සමරු මුද්දරය නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඉන්දීය ජනාධිපතිවරයා සඳහන් කළේ ඒ තුළින් දෙරටේ ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

දිගු කාලයක් පුරා දෙරට අතර විවිධ ක්ෂෙත‍්‍රවලින් සමීප සබඳතාවයක් පවතින බවද එහිදී ඉන්දීය ජනාධිපතිවරයා සඳහන් කළා.

ඉන්දීය ජනාධිපති ප‍්‍රනාබ් මුකර්ජී තවදුරටත් කියා සිටියේ විවිධ ගැටළු විසඳාගැනීම සඳහා දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් උගත හැකි දේ පවතින බවයි.
1619258_579721022127883_9081350545351518700_n

10375481_579720752127910_6609790643046106963_n

10377243_579720972127888_8478140125689878785_n

Leave a Reply