November 22, 2017

අජාන් බ්‍රහ්මවම්සෝ මහතෙරුන් ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ ධර්මදේශනාවක

By admin - Fri Oct 31, 5:59 am

පසුගියදා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයෙදී පැවැත්වුන ධර්මදේශනාවකට සවන්දීම සඳහා ධර්මශාලාව, විහාර මන්ධිරය, දේශනා ශාලාව ඇතුළුව ගොඩනැඟිල්ලේ අස්සක් මුල්ලක් නෑර සියලු ඉඩ කඩ පිරී ඉතිරී යන තරමට විශාල සැදැහැවතුන් පිරිසක් පැමිණියහ.
මේ අතර ලන්ඩන් බෞද්ධ විහාරයේ දායක කාරකාදීන් මෙන්ම යුරෝපා ජාතික බැතිමතුන් විශාල පිරිසක්ද වුහ.

ධර්මදේශනාව පවත්වන ලද්දේ ඕස්ට්‍රේලියාවේ බෝධිඥාන විහාරස්ථානාධිපති බහුශ්‍රැත සංඝපීතෘන් වහන්සේ නමක් ලෙස සුප්‍රසිද්ධ පුජ්‍ය අජාන් බ්‍රහ්මවම්සෝ මහතෙරුන් විසිනි.

උන්වහන්සේ ලන්ඩන් නුවරට අමුත්තෙක්ද නොවන්නේය.

වර්තමානයේ ලන්ඩන් බෞද්ධ විහාරය පිහිටුවා ඇති චිසික් නගරයට යාබද ඇක්ටන් නගරයේ මධ්‍යපන්තික පවුලක උපත ලද මහතෙරුන් කුඩා කාලයේ ගමේ පාසලෙන් ඉගෙනුම ලබා ශිෂ්‍යත්වයක් දිනා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුල්වී න්‍යායික භෞතිකවිද්‍යාව හදාරා උපාධියක් ලබාගැනීමට සමත්වුවෙකි.

වයස විසිතුනේදී තායිලන්තයේ අජාන් චා බෝධිඥාන මහ තෙරුන් අතින් පැවිදි උපසම්පදාව ලැබූ බ්‍රහ්මවම්සෝ හිමි වසර නමයක් වනවාසීව ධර්මය පිළිබඳව ගැඹුරින් අධ්‍යයන කළහ.

උන්වහන්සේ ඔස්ට්‍ර්ලියාවේ බෞද්ධ සංගමය ඇතුළු බොදු සංවිධාන බොහෝ ගණනක උපදේශක තනතුරුද හොබවති.

සරල පැහැදිලි ඉංග්‍රීසි බසින් බුදුදහමේ ගැඹුරු තැන් පිලිබඳව සාමාන්‍ය ජනයා හට මනා අවබෝධයක් ලැබෙන ආකාරයට ධර්මදේශනා පැවැත්වීම සම්බන්ධයෙන් බ්‍රහ්මවන්සෝ හිමියන් ප්‍රසිද්ධියක් ලබා ඇත.

එංගලන්තයේ විවිධ නගරයන්හිදී බෞද්ධ විහාරස්ථාන, විශ්ව විද්‍යාල සහ අනෙකුත් ප්‍රජා සහ ආගමික සංවිධානයන්ගේ මෙහෙයවීමෙන් ඔක්තෝම්බර් මාසය පුරා දිනපතා උන්වහන්සේගේ ධර්මදේශනා පවත්වනු ලැබීය. ලන්ඩන් බෞද්ධ විහාරයේ පැවැත්වුයේ එම චාරිකාවේ අවසන් ධර්ම දේශනයයි.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන් පුජ්‍ය බ්‍රහ්මවම්සෝ හිමියන් පිළිගත් අතර ධර්ම දේශනයක් පැවැත්වීම සඳහා විහාරස්තානයට වැඩම කරවීම පිළිබඳව පුන්යානුමොදනා කළහ
1

3

4

12

14

15

16

Leave a Reply