October 21, 2017

-වීඩියෝ සහිතයි – රටේ නායකයා පින්කරගන්නේ මෙහෙමයි.

By admin - Mon Nov 03, 5:31 am

9f6fbc9557fb33726a1a80a89b3f1fba_XL
නාරාහේන්පිට ශ්‍රී අභයාරාමයේ වාර්ෂික කඨින පෙරහර කොටුව ජනාධිපති මන්දිරයෙන් ආරම්භ විය.

මෙහිදී විහාරස්ථානයේ පැවති කඨින චීවරය පූජා කිරීමේ මහා පුණ්‍යකර්මය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සිදු කරනු ලැබීය.

විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකර ඇති සැතපෙන පිළිම වහන්සේට මල් පූජා කළ ජනාධිපතිතුමන් ප්‍රතිසංස්කරණය කරන ලද සංඝාවාසය සඝසතු කොට පූජා කිරීමට ද එක්විය.

අනතුරුව සියක් නමක් විෂයෙහි අද දහවල් විහාරස්ථානයේ පවත්වන ලද දහවල් දානමය පුණ්‍යකර්මයට ද ජනාධිපතිතුමා එක්විය.

පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවීම රුහුණු විශ්විද්‍යාලයේ කුලපති පූජ්‍ය පල්ලත්තර සුමනජෝති ස්වාමීන් වහන්සේ විසින් සිදු කළ අතර නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති ආචාර්ය පූජ්‍ය වැලිමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමීන්වහන්සේලා විසින් මෙහිදී විශේෂ අනුශාසනාවන් ද පවත්වනු ලැබූහ.

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ද මෙම පුණ්‍යකර්මය සඳහා එක්ව සිටියේය.

Leave a Reply