October 21, 2017

ලන්ඩනයේ බෞද්ධ අසිරිය

By admin - Tue Nov 04, 5:16 am

15
තිස්ස මඩවල – ලන්ඩනයේ සිට
යුරෝපයේ ප්‍රමුඛතම තේරවාද බෞද්ධ මධ්‍යස්ථානය ලෙස සැලකෙන ලන්ඩන් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති මහා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් නොවැම්බර් දෙවන ඉරිදා පැවැත්වින.

විහාරවාසී මහා සංඝ රත්නය සමඟ ලන්ඩනයේ අනෙකුත් ශ්‍රී ලාංකික විහාරස්ථානයන්ගෙන් වැඩමකළ ස්වාමීන් වහන්සේ 12ස් නමක් සහ, මහා බ්‍රිතාන්‍යයේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස් ශාමලී රොඩ්රිගෝ මහත්මිය ඇතුළු ශ්‍රී ලාංකික මෙන්ම යුරෝපා ජාතික සැදැහැවතුන් අති විශාල සංඛ්‍යාවක් මෙවර පිංකම සඳහා සහභාගී වුහ.

කඨින පින්කමේ දායකත්වය දරන ලද්දේ ඩබ්ලියු.ඩී.විජේරත්න, සුසන්ත සහ විනීතා ද අල්විස් යන පවුල් වල සාමාජිකයින් විසිනි.

පුජ්‍ය සීලවිමල නාහිමියන් කඨින පින්කමේ ආනිසංශ විස්තර කරදෙමින් අනුශාසනාව ඉංග්‍රීසි බසින් සිදුකල අතර පුජ්‍ය කෝන්වැවේ අරියරතන හිමියන් විසින් සිංහලෙන් හරබර ධර්මදේශනාවක් සිදුකරනු ලැබීය.
13
14
15

Leave a Reply