November 17, 2017

බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍රයන්ගේ සියවස් ගුණානුස්මරණය සැප්තැම්බර් 13

By admin - Fri Aug 09, 11:36 am

බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර මහතාගේ සියවස් ගුණානුස්මරණ උත්සවය සැප්තැම්බර් 13 දින ‍පෙරවරු 9.00ට මීගමුව වලිසිංහ හරිස්චන්ද්‍ර කෞතුකාගාරයේදී පැවැත්වේ.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා වලිසිංහ හරිස්චන්ද්‍ර සංස්කෘතික කේන්ද්‍රය මඟින් මෙම උත්සවය සංවිධානය කර ඇත.
1876 ජුලි මස 9 වැනි දින මීගමුව මහහුණුපිටිය ග්‍රාමයේ ජන්මලාභය ලබා රට දැය හා බෞද්ධාගම වෙනුවෙන් සුවිශේෂ සේවාවක්‌ ඉටු කර ශ්‍රේෂ්ඨ වීරවරයෙකු වශයෙන් ඉතිහාසයට එක්‌වූ ශ්‍රීමත් බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර උතුමන් දැයෙන් සමුගෙන මේ මස 13 දිනට වසර 100ක්‌ සපිරේ.
මෙම උත්සවයේදී වලිසිංහ හරිස්චන්ද්‍ර ‍ගුණ සමරු දේශනය ගයාන් චානුක විදානපතිරණ මහතා විසින් සිදු කරනු ඇත. වලිසිංහ හරිස්චන්ද්‍රතුමා පිළිබඳව සකස් කළ සමරු ග්‍රන්ථයක් එළිදැක්වීමත් වලිසිංහ හරිස්චන්ද්‍රතුමාගේ ජීවන තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් අන්තර්ජාලයට මුදාහැරීමත් මෙදින සිදු කෙරේ.

walisinghe harischanra_155_200

Leave a Reply