November 22, 2017

අළුත්වල පුරාණ නන්දාරාම විහාරස්ථානයේ අභිනව රන් වැට නිරාවරණය කරයි.

By admin - Sat Nov 08, 6:15 am

1
අළුත්වල පුරාණ නන්දාරාම විහාරස්ථානයේ ඇති බෝධිය වටා අභිනවයෙන් සවිකරන ලද රන් වැට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කරන ලදී.

මෙම ඓතිහාසික ආගමික උත්සවය සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අයෝමා රාජපක්ෂ මහත්මියද සහභාගී වූවාය.

රන්වැට විවෘත කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ හා රැස්ව සිටි බැතිමතුන්ගේ ආශීර්වාද මධ්‍යයේ ආරක්ෂක ලේකම්තුමා විසින් මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා බෝ මළුව තුල සවිකර තිබූ සිහිවටන පුවරුවද නිරාවරණය කරන ලදී. අලුත්වල පුරාණ නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති අලුත්වල රතනසිරි ස්වාමීන් වහන්සේ විසින් මෙම උත්සවයේ මුලසුන හොබවන ලදී.

අනතුරුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විහාරස්ථානයේ අළුතින් ඉදිකරන ලද දන්ත ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ සර්වඥ ධාතූන් වහන්සේලාට පුද සත්කාර පවත්වා එය මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා විවෘත කරන ලදී. ඉන් පසුව විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ආරාධනයෙන් මෙම අවස්ථාව සිහිපත් වීම සඳහා ආරක්ෂක ලේකම්වරයා විසින් විහාරස්ථාන පරිශ්‍රයේ සල් පැලයක්ද රෝපනය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා අති පූජ්‍ය මහා සංඝරත්නය ඇතුළුව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ, දකුනු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පළාත් සභා සාමාජිකයින්, ප්‍රාදේශීය සභා සාමාජිකයින්, ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් ද සහභාගී වූහ.
2

sda

sdf

Leave a Reply