December 17, 2017

බුදුරජානන් වහන්සේ වැඩවිසූ විහාරස්ථානයක අලුත් නටබුන්

By admin - Tue Nov 11, 7:47 am

11
– තිස්ස මඩවල –
බෝසතානන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බුද්ධගයා පින්බිමෙහි සිට කිලෝමීටර් 50 පමණ දුරින් පිහිටි බිහාර් ප්‍රාන්තයේ ගුරුවා නම්වූ ගමෙහි බුදුරජානන් වහන්සේ වැඩවිසූ විහාරස්ථානයක නටබුන් රැසක් පසුගියදා එම ස්ථානයට වැඩමකල බුද්ධගයාවේ බුදු නුවණ මහමෙව්නා අසපුවේ ස්වාමීන් වහන්සේලා විසින් සොයාගෙන තිබෙනවා.

උන්වහන්සේලා පෙන්වා දෙන්නේ දැනට මෙම ස්ථානයේ හින්දු දේවස්ථානයක් පිහිටා ඇතත් එහි ඇති පෞරාණික බුදුපිළිම සහ අනෙකුත් බෞද්ධ කළා නිර්මාණ නිසා මෙම ස්ථානය පුරාණයේදී නියත වශයෙන්ම බෞද්ධ විහාරස්ථානයක්ව පැවති බව පැහැදිලිවම පෙනීයන බවයි.

මෙම ස්ථානය පිළිබඳව කරුණු සොයාබැලීමේදී උන්වහන්සේලාට දැනගන්නට ලැබී ඇත්තේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වය ලබා සත් සතියක් ගෙවුණු පසුව බරණැස ඉසිපතනයට වැඩි ගමනේ මෙම ගුරුවා නමැති නගරයේ විවේකයෙන් වැඩසිටි බවයි.

පසු කාලීනව මෙම පුජනීය ස්ථානය උතුම් රහතන් වහන්සේලාගේ සෙනසුනක් බවට පත්වී ඇති බව සදහන්.

ඉන් පසු මහායානිකයින් මෙහි වාසය කර ඇතග

මෙහි විශේෂත්වය වන්නේ දැනට මේ ගම්මානයේ ජීවත්වන්නේ ශාක්‍ය වංශිකයින්.
1

2

3

9

11

Leave a Reply