December 17, 2017

සඳහිරුසෑයේ නිදන් කිරීම සඳහා සර්වඥ ධාතූන් වහන්සේලා අනුරාධපුරය බලා වැඩම කෙරේ

By admin - Fri Nov 14, 8:29 am

b20e1b0483ae02403352523456c51596_XL
දශක තුනකට අධික කාලයක් රට තුළ පැවැති ත‍්‍රස්තවාදී යුද්ධය අවසන් කර රට එක්සේසත් කිරීම සනිටුහන් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාශයේ මූලිකත්වයෙන් හා යුධ හමුදා ශ‍්‍රමයෙන් අනුරාධපුර නගරයේ ඉදිකරනු ලබන ”සඳහිරුසෑය ‍චෛත්‍යයේ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කිරීම පසුගියදා ජනාධිපති මන්දිරයේ සිට ආරම්භ කෙරින.

මෙම සර්වඥ ධාතූන් වහන්සේ රැුගත් රිය පෙරහැර ජනාධිපති මන්දිරයෙන් පිටත්වීමට ප‍්‍රථම ජනාධිපතිතුමා විසින් එකී සර්වඥ ධාතූන් වහන්සේලා අඩංගු කරඬුවට ආගමික පුද සත්කාර සිදු කරන ලදී.

සඳහිරු සෑයේ තැන්පත් කිරීම සදහා වැඩම කරවන මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ජය ශ‍්‍රී මහා බෝධිය, ශ‍්‍රී පාදස්ථානය, වස්කඩුව ශ‍්‍රී සුභූති විහාරය හා යුධගනාව රජ මහා විහාරය යන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා විසින් රැුගෙන එන ලද අතර අනතුරුව ඒ සදහා සකසා තිබූ මංජුසාව සහිත කරඩුවේ තැන්පත් කරන ලදී.

Leave a Reply