November 22, 2017

කැලණි දුරුතු මහා පෙරහර ජනවාරි 02 – 03

By admin - Mon Nov 17, 7:04 am

79d4af064136c8e3753779223db6095a_L
ශ්‍රී ලාංකේය විභූතිය ලොවට හඬ ගා කියන කැලණි රජමහා විහාරයේ වාර්ෂික දුරුතු මහා පෙරහර ජනවාරි 2 සහ 03 දිනවලදී පැවැත්වේ.

මෙම දෙදින ම පෙරහර රාත්‍රී 8.00ට ආරම්භ වේ.

පෙරහර මංගල්‍යය වර්ෂ 1927දී මාපිටිගම ධර්මරක්‍ෂිත හිමියන්ගේ මූලිකත්වයෙන් ඇරැඹි බව සඳහන් වේ.

මෙම පෙරහර මංගල්‍යය එකල හැඳින්වූයේ ධාතු පෙරහර නමිනි. ධාතු පෙරහරින් ආරම්භ වූ කැලණිය පෙරහර මංගල්‍යයට වර්තමානය වන විට විභීෂණ දෙවියන් උදෙසා පවත්වන විභීෂණ පෙරහරත්, විෂ්ණු දෙවියන් උදෙසා පවත්වන විෂ්ණු පෙරහරත්, කතරගම දෙවියන් උදෙසා පවත්වන කතරගම පෙරහරත් එක් වී තිබේ.

Leave a Reply