October 21, 2017

වීඩියෝ සහිතයි – සඳහිරු සෑ රදුන්ගේ ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම ජනපති සුරතින්

By admin - Mon Nov 24, 1:37 pm

10258436_10152374482501467_139446360279892912_o
දශක තුනක කාලයක් අප මාතෘ භූමිය වෙලා සිටි ත‍්‍රස්තවාදයේ භීෂණය නිමා කොට ලක් දෙරණේ සාමය ස්ථාපිත කිරීම ඉතිහාසයේ සනිටුහන් කරනු වස් ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙහි ඉදිවෙන සඳහිරු සෑ රඳුන්ගේ ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කිරීමේ පුණ්‍යොත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පසුගියදා උදෑසන පැවැත්විණි.

සිව් දෙසින් වැඩමකළ හයදහසකට අධික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිදු වියග

සැදැහැවත් ජනතාව අතිවිශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර ඔවුහු මෙහිදී සාධුකාර දෙමින් පූජෝපහාර දැක්වූහග

අස්ගිරි මහානායක අතිපූජ්‍ය උඩුගම ශී‍්‍ර බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නයදල ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය දල අග‍්‍රාමාත්‍ය දීගමූ ජයරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන්දල රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද මෙම පුණ්‍යොත්සවයට එක්ව සිටියහ.

Leave a Reply