December 17, 2017

වීඩියෝ සහිතයි – ජනපති ලූම්බිණියේ චාරිකාවක

By admin - Wed Nov 26, 9:47 am

Still1126_00000
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාර්ක් සමුළුව ඇමතීමට පෙර බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය හා බෞද්ධයින් සඳහා වඩාත් පූජනීය ස්ථානයක් ද වන ලූම්බිණිය වෙත පැමිනියා.
ජනාධිපතිතුමා ලූම්බිණියට පැමිණි පළමු අවස්ථාව මෙය නොවූවත්, එහිදී බෞද්ධයින් සඳහා වැදගත් වන කි‍්‍රයාකාරකම් ගණනාවක නිරත වූහ.
ජනාධිපතිතුමා පළමුව බුදුරජාණන්වහන්සේගේ මෑණියන් වූ මහා මායා දේවියගේ නමින් ඉදිකර ඇති මායා දේවි පන්සල වැඳපුදා ගත්හ.
කි‍්‍ර. පූ. 623 දක්වා දිව යන ඉතිහාසයකින් යුතු මෙම පන්සලේ බුදුරජාණන්වහන්සේගේ නිවැරදි උපන් ස්ථානය පිහිටා ඇත.
හිමාල කඳුවැටිය පාමුල පිහිටා ඇති මායා දේවි පන්සල 1997 යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට එක් කරන ලදී.
පන්සල වැඳ පුදා ගැනීමෙන් අනතුරුව එතුමා ලූම්බිණි සංවර්ධන පදනම මඟින් සංවිධානය කරන ලද පිළිගැනීමේ උත්සවයකට සහභාගී වූහ.
උත්සවයේදී අදහස් පළ කළ නිලධාරීන් පවසා සිටියේ රාජපක්ෂ ජනාධිපතිතුමා විසිින් ලූම්බිණියේ සංවර්ධනය සඳහා දැක් වු පෞද්ගලික උනන්දුව සහ දායකත්වය අගය කරන බවයි.
ශී‍්‍ර ලංකාරාමය වෙත යන අතරතුර රාජපක්ෂ ජනාධිපතිතුමා දොරටු අංක 4 හි අලූතින් ඉදි කරන ලද පාලමක් විවෘත කලා.
මෙම පාලම හරහා ගමන් මග මායා දේවි පන්සල සහ ශී‍්‍ර ලංකාරාමය පන්සල වෙත ඇති කෙටිම මාර්ගය වන බැවින් මෙම ස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් සඳහා සිදු කරන සේවයක් ලෙස ශී‍්‍ර ලංකා රජය විිසින් මෙම පාලම රුපියල් මිලියන 34 ක වියදමින් ඉකදිරන ලදී.
ශී‍්‍ර ලංකාරාමය පන්සලේදී පූජනීය බෝදින් වහන්සේ වැඳපුදාගත් ජනාධිපතිතුමා, එතුමා පිළිගැනීමට පැමිණ සිටි ස්වාමීන් වහන්සේලාගේ සහ අනෙකුත් ශී‍්‍ර ලාංකිකයින් සමඟ පිළිසඳරක නිරත විය.
මෙම පන්සල ද සාදවන ලද්දේ ශී‍්‍ර ලංකා රජය විසිනි.
රාජපක්ෂ ජනාධිපතිතුමා 2009 දී විවෘත කිරීම සඳහා ලූම්බිණියට පැමිණියේය. ලූම්බිණියට ශී‍්‍ර ලංකාවෙන් හා අනෙකුත් රටවලින් පැමිණෙන බැතිමතුන් සඳහා සේවාවන් සැපයීමට අමතරව, ථෙරවාද බුදු දහම ලොව පුරා ප‍්‍රචලිත කිරීම සඳහා කටයුතු කිරිම ද මෙම පන්සලෙහි විශේෂ අරමුණකි.
ලූම්බිණි සංචාරයේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සිව් වැනි කාර්යය වුයේ ලූම්බිණි බෞද්ධ විශ්වවිද්‍යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරිමය. ලූම්බිණි බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය මහාචාර්ය නරේෂ් මන් බජ්රචර්යා ජනාධිපතිතුමා පිළිගෙන විශ්වවිද්‍යාලයේ පිළිබඳ එතුමාට පැහැදිලි කිරීමක් කළේය.
ජනාධිපතිතුමාගේ අවසන් කාර්යය වුයේ අලූතින් ප‍්‍රතිසංස්කරණය කරන ලද වන්දනාකරුවන්ගේ දුටුගැමුණු ගිමන්හල විවෘත කිරීමයි.
1989 දී ඉදි කරන ලද මෙය කාලයක් තිස්සේ ප‍්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය ව තිබුණි. ඒ සඳහා සහාය වීමට ඉදිරිපත් වු ශී‍්‍ර ලංකා රජය, රුපියල් මිලියන 138 ක වියදමින් ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළේය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්තී‍්‍ර සජින් ද වාස් ගුණවර්ධන මහතා ජනාධිපතිතුමා සමඟ ලූම්බිණි සංචාරය සඳහා එක්විය.

Leave a Reply