October 21, 2017

ලන්ඩන් බෞද්ධ විහාරයේ වාර්ෂික සංඝමිත්තා දින පිංකම බොදු බැතියෙන් සමරයි

By admin - Tue Dec 09, 3:46 am

17

තිස්ස මඩවල – ලන්ඩනයේ සිට

ලන්ඩන් බෞද්ධ විහාරයේ වාර්ෂික සංඝමිත්තා දින පිංකම පසුගියදා පවත්වනු ලැබීය.

විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ මුලිකත්වයෙන් දවස් පුරාම පැවැත්වුන එම පිංකම සඳහා විහාර වාසී මහා සංඝ රත්නය, ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී පුජ්‍ය ආචාර්ය හාඳුපැල්පොල මහින්ද නාහිමි, හැමල්හැම්ස්ටඩ්හි අමරාවතී විහාරයේ භික්ෂුනීන්වහන්සේලා දෙනමක් සහ සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වුහ.

උදෑසන බුද්ධ වන්දනාවත් අටසිල් සමාදන්වීමත් සිදුකෙරුන අතර දවස පුරාම භාවනා, ධර්ම දේශනා , ධර්ම සාකච්චා සහ දානමය පින්කම් පැවැත්විණි.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපතිව වැඩවිසූ අපවත්වී වදාළ පුජ්‍ය ආචාර්ය මැදගම වජිරඥාන නාහිමියන් සිහිපත් කර උන්වහන්සේට පින් පැමිණවීම උදෙසා සාංගික දානමය පිංකම සිදු කෙරුණි.

මහින්ද නාහිමියන් සහ සීලවිමල නාහිමියන් විසින් වජිරඥාන නාහිමියන් අතින් සිදුවූ ශාසනික සේවාවන් විස්තර කරදුන් අනුශාසනාවන් පවත්වනු ලැබීය.

පුජ්‍ය සීලවිමල නාහිමි, පුජ්‍ය අරියරතන හිමි, පුජ්‍ය කස්සප හිමි, භික්ෂුනී අජාන් සුන්දරා සමඟ වෛද්‍ය උපාලි අභයසිරි සහ වෛද්‍ය සුමනා පෙරේරා සාකච්චා සහ දේශනා සඳහා සහභාගී වුහ.
1

5

14

17

18

19

23

26

Leave a Reply