November 17, 2017

කතරගම වැඩිහිටිකන්ද විහාරස්ථානයේ නව වාහල්කඩට මුල්ගල් තැබේ

By admin - Wed Dec 24, 4:51 am

490bc47f09f8a2431c77274bc408e816_XL
කතරගම වැඩිහිටිකන්ද විහාරස්ථානයේ නව වාහල්කඩ සැදීම සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඤායනා මධ්‍යයේ මුල්ගල් තබනු ලැබීය.

මුල්ගල තැබීමෙන් අනතුරු ව පැමිණ සිටි මහා සංඝරත්නය ඇතුළු පිරිස ඇමතූ ආරක්ෂක ලේකම්වරයා යුද්ධයෙන් අනතුරුව මහා සංඝරත්නය ආරක්ෂක අමාත්‍යංශයට වැඩමවා කරන ලද සාකච්ඡාවක දී දිවයිනේ අබලන් තත්ත්වයට පත් ව ඇති ඉපැරණි සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් ඉල්ලා සිටි බවත් ඒ අනුව ආරක්ෂක හමුදා ශ්‍රම දායකත්වයෙන් දිවයිනේ ඇති මෙවැනි ඉපැරණි සිද්ධස්ථානයන් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරන ලද බවත් පවසා සිටියේය.

ඒ අනුව මේ වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල හා දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇති පුරාණ සිද්ධස්ථානයන් 600ක පමණ ප්‍රතිසංස්කරණයන් සිදු කරන ලද බවත් මේ සඳහා ආරක්ෂක අංශයේ සාමාජිකයන් 8,000ක් පමණ දෙනා සහභාගී වී ඇති බවත් පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පුණ්‍ය කටයුත්ත සඳහා ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු ව අනෙකුත් ආයතනයන් හි බෞද්ධ සංගම්වලින් ලබා දුන් මුදල් හා ආරක්ෂක අමාත්‍යාංශයේ විවිධ අරමුදල් ද පරිහරණය කරන ලද බවත් පවසා සිටියේය.

අවසාන වශයෙන් නාවික හමුදාව විසින් කරනු ලබන මෙම වාහල්කඩ සෑදීමේ කටයුත්ත ඉතා ඉක්මනින් අවසන් කරදෙනු ලබන බව ද මෙහිදී රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
vadihiti_kanda_20141222_06p9

vadihiti_kanda_20141222_06p15

Leave a Reply