November 19, 2017

ශ්‍රීපාද වන්දනා සමය මැයි 5 දා අවසන්

By admin - Mon May 04, 10:16 am

Related-Photos-of-Refurbished-SRIPADA-Opening-Day-3
ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පුන්පොහෝ දිනට පසු එනම් හෙට දිනයේ මැයි 05වන අඟහරුවාදා දිනෙන් නිමාවට පත් වේග

2014 වසරේ දෙසැම්බර් මස පුන්පොහෝ දින සිට ආරම්භ වූ ශ්‍රීපාද වන්දනා සමය පුරා මාස 6 ක කාලයක්‌ පුරා පැවැත්විණිග

සමන් දෙවියන්ගේ ඓතිහාසික පිළිමල සදාතුක කරඬුව හා දේවාභරණ ශ්‍රීපාද වන්දනා සමයේදී තැන්පත් කර තිබූ ශ්‍රීපාද මළුවේ සිට ලබන මස 5 වැනි දින දහවල් සුබ නැකත් අනුව නල්ලතන්නිය ශ්‍රීපාද මළු මධ්‍යස්‌ථානය වෙත විශේෂ පෙරහැරකින් පා ගමනින් වැඩම කරනු ලබන්නේ ලක්‌ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසිනිග

ශ්‍රීපාදස්‌ථානාධිපතිල ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයේ කුලපති හා සබරගමුව පළාතේ ප්‍රධාන සංඝ නායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස්‌ හා අනුශාසනා මැද 5 දින රාත්‍රී සිට අලුයම 6ග00 දක්‌වා ශ්‍රීපාද ධර්ම මධ්‍යස්‌ථානයේදී සර්වරාත්‍රික ධර්ම දේශනයක්‌ පැවැත්වේග

මැයි 6වෙනි දින උදෑසන යෙදෙන සුබ නැකත් අනුව සමන් දේව රුවල සදාතුක කරඬුව රැගත් විශේෂ රිය පෙරහැර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්‌ථානය අසලින් ගමන් අරඹා මාවුස්‌සාකැලේල කිරිවන්එළියල ලක්‍ෂපානල කළුගලල අවිස්‌සාවේල්ලල රත්නපුර හරහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය වෙත වැඩම කිරීමට නියමිතයග

Leave a Reply