October 21, 2017

ජර්මන් ශ්‍රී ලංකා මහා විහාරයේ වර්ෂ පුර්ණ පින්කම් මාලාව ඔක්තෝම්බර් මස 3 හා 4

By admin - Fri Oct 02, 4:33 am

10624807_400998706733370_4981359987954100116_n-1
පසුගිය වර්ෂයේ ජර්මනියේ උතුරු ප්‍රදේශයේ Hamburg, Hannover හා Bremen යන ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් Schneverdingen නගරයෙහි අභිනවයෙන් ආරම්භ කරන්නට යෙදුනු ශ්‍රී ලංකා මහා විහාරයට වසරක් පිරිම නිමිත්තෙන් මෙන්ම ශ්‍රී ලංකා වාසි සියළු දෙනාටමත්, මුළුමහත් ලෝකයටත් සාමය හා සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් මෙම ඔක්තෝම්බර් මස 3 හා 4 යන දෙදින තුල ආශීර්වාද පිංකම් මාලාවක් පැවැත්වීමට විහාරාධිපති, පූජ්‍යපාද, ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන හිමියන් ප්‍රධාන විහාර සංගමය කටයුතු යොදා ඇත.
ජර්මනියේ සංචාරක පුරවරයක් ලෙසින් ප්‍රකට මෙම ප්‍රදේශය ගිම්හාන හා සිසිර ඍතුවේ සංචාරකයින් ගෙන් පිරි පවතී.එකී ප්‍රදේශයට පමණක් ආවේනික කිලෝ මීටර ගණනාවක් දිගට වසාගත් Haide නම් තෘන විශේෂය මෙම කාලය තුළ මල් වලින් ගැවසීම මනරම් දර්ශනයක් වීම එයට හේතුවයි. මහායාන සම්ප්‍රදායට අයත් සුවිසල් බෞද්ධ මධ්‍යස්ථාන දෙකක් ද මෙම නගරයේ පිහිටා ඇති බැවින් බුදුදහම පිළිබද යම් ප්‍රමාණාත්මක දැනුමක් මෙහි වැසියන් සතුව පවතී.එය බුදුදහමේ ව්‍යාප්තියට මහත් රුකුලකි.විශේෂ භාවනා වැඩ සටහන් , සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාවක් සහ සංඝගත දක්ෂිණාවක් , මව්පිය වන්දනා විශේෂ කාව්‍යමය ධර්ම දේශනාවක් , උත්සව සභාවක් ඇතුළුව ආගමික හා සංස්කෘතික විශේෂාංග රැසකින් මෙම පිංකම් මාලාව සමන්විතය.

Leave a Reply