October 21, 2017

බාල අපරාධ හෝ අපචාරවලදී දෙමාපියන්ට එහි වගකීමෙන් මිදෙන්නට පුළුවන් කමක් නෑ – පුජ්‍ය මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි

By admin - Tue Oct 13, 6:40 am

unnamed (2)
ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් හිංසනයට ලක්වීම මෙන්ම බාල පරම්පරාව විවිධ අපචාරයන්ට යොමුවීමේ ප්‍රවනතාව දිනෙන් දින ඉහල යනබවක් පෙනෙන්නේ යැයිද බාල අපරාධ හෝ අපචාර සිදුවන අවස්ථා වලදී දෙමාපියන්ට දරුවන් එවැනි විනාශකාරී අවස්ථාවන්ට මුහුණදීමෙන් වළක්වාලීමේ වගකීමෙන් මිදෙන්නට පුළුවන් කමක් නැති බවද , ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරය ආරම්භකොට වසරක් පිරිම නිමිත්තෙන් පවත්වනු ලැබූ දහම් සභාවේදී වැඩමකළ මහා සංඝ රත්නය වෙනුවෙන් අනුශාසනාව සිදුකරමින් ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායකල පැරිස් නුවර ජේතවන විහාරාධිපති පුජ්‍ය මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි අවධාරණය කර සිටියහ.

මව්පිය වන්දනා කාව්‍යමය ධර්ම දේශනාව වැල්ලව ලුනුකඩවැල්ල රජ මහා විහාරයේ භාරකාර කාව්‍ය ශ්‍රී පුජ්‍ය කිරිඳිගල්ලේ ඥානරතන හිමියන් විසින් සිදුකරනු ලැබුහ.

පැරිස් නුවර ධම්මචක්ක විහාරාධිපති පුජ්‍ය කෝගආනන්ද හිමියන් මුලසුන හෙබවූ මෙම පින්කම් මාලාවේ පිළිගැනීමේ කතාව විහාරාධිපති පුජ්‍ය රත්මලේ පුඤ්ඤරතන හිමියන් විසින් සිදුකල අතර ජර්මන් ජාතික මොක්ඛිත හිමියන් ,තමන්ගේ ජිවිතයේ ලද වටිනාම දායාදය වන්නේ නිර්මල ථෙරවාද බුදු දහම , බව සඳහන් කරමින් ධර්ම දේශනාවක් පැවැත්විය.

ජර්මනියේ මෙන්ම යුරෝපයේ රටවල් හතකින් මහා සංඝ රත්නය මෙම පිංකම සඳහා වැඩමකර සිටි අතර ශ්‍රී ලාංකික සහ ජර්මන් ජාතික සැදැහැවතුන් විශාල පිරිසක්ද ඒ සඳහා සහභාගී වුහ.
unnamed (1)

unnamed

Leave a Reply