November 17, 2017

භික්ෂූ කතිකාවක පනත් කෙටුම්පත ගැන මහානායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් විමසයි

By admin - Tue Oct 13, 8:00 am

477a3dd2b30bb80622f13f66c6e62a91_XL
සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ අරමුණින් තේරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් ලබා ගැනීමේ අස්ගිරි කතිකාව පසුගියදා මහනුවරින් ඇරඹිණි.

බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා අස්ගිරි මහා විහාරයේදී අතිපුජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මුණගැසී උන්වහන්සේලාගේ අදහස් විමසා සිටියේය.

තේරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීම සඳහා වු නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට පසුගිය කාලපරිච්ඡේදයේදී අතිපුජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර මහා සංඝ රත්නය විසින් රජයේ අවධානයට යොමු කළහ.

අනතුරුව සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීමක් වන බැවින්ල තේරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීම සඳහා පනත් කෙටුමපත් සකස් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන් තිබේ.

මෙම පනත මගින් භික්ෂු වහන්සේලාගේ ධර්ම විනයට පටහැනි නොවන පරිදි කටයුතු කිරිමට වගබලා ගැනිම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම මෙහි මුලික අරමුණ වන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගතයේ නිකාය හෝ පාර්ශවයේ සංඝ සභාවේ සංයුතිය හා කර්තව්‍ය ල භික්ෂුන් වහන්සේලාගේ හැසිරිම හා විනය කරුණු පිළිබදවල විහාරාධිපති භික්ෂුන් වහන්සේලාගේ අයිතිය හා ඉවත් කිරිම්ල භික්ෂු ලියාපදිංචිය අවලංගු කිරීමල ශිෂ්‍යභාවය ඉවත් කිරීමල භික්ෂුන් වහන්සේලා කතිකාවේ විධිවිදානවලට අනුව කටයුතු කිරිමල කතිකාවේ විධිවිදාන උල්ලංඝනය කිරීම ගැන පරික්ෂණ පැවැත්වීම යනාදී කරුණු ගණනාවක් පිළිබඳ හා බුද්ධ ශාසනයේ චිරජීවනය උදෙසා බලපානු ලබන තවත් වැදගත් අංශ ගණනාවක් මෙම පනත් කෙටුම්පතෙන් විශේෂ අවධානයක් යොමු කර ඇතැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply