December 17, 2017

ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින මහා පිංකම ඔක්තෝම්බර් 31

By admin - Tue Oct 27, 9:10 am

10633756_380754328749278_3274232802491447182_o
ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින මහා පිංකම 2015 ඔක්තෝම්බර් 31 සහ නොවැම්බර් 01 යන දෙදින තුල විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය වතෝගල ධම්මික හිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ පූර්ණ දායකත්වයෙන් පැවැත්වෙයි.

බෙෂියා viaSALVO’D’ACQUISTO,NO22 දරණ ස්ථානයේ දී පැවැත්වෙන මෙම මා හැඟි පිංකමට 31 වැනි සෙනසුරාදා රාත්‍රී සම්බුද්ධ පූජාව සහිතව මහ පිරිත් දේශනාව ද පසු දින දහවල කඨින වස්ත්‍ර පූජාව, කල්ප වෘක්ෂ පූජාව, සපිරිකර සංඝගත දක්ෂිණාව ද මහංන දානය ද ඇතුළත් වෙයි. මෙවර කඨින පිංකමේ ප්‍රධාන දායකත්වය දරනු ලබන්නේ ශ්‍රීමාල් ජයලත්, කෝසල අමරසිංහ, සුභාෂිණී සකුන්තලා, දිනේෂ් සංදීප, හසණි නිසංසලා, බ්‍රෙෂියා මිරිසගේ සර්විස් ආයතනය, ඩබ්. ඒ. සංජීව මහතා සහ සහෝදර පිරිස, පද්මා ධනංසූරිය, නන්දා මඩපාත, පියසිරි මඩපාත යන මහත්ම මහත්මීන් විසිනි.ඉතාලියේ ප්‍රධාන සංඝනායක, මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අති පූජ්‍ය මහගම විපුලසිරි නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම කඨින මහා පිංකමට මෝදනා මෛත්‍රී විහාරාධිපති ගෞරව ශ්‍රාස්ත්‍රවේදී පූජ්‍ය මෙදේරිපිටියේ විමලරත්න , වෙරෝනා මහාවිහාරාධිපති ගෞරව පූජ්‍ය උඩවලවේ ඤාණානන්ද, පූජ්‍ය පූජාපිටියේ සංතුසිත විචිත්‍ර ධර්මකඨික දීගල පියදස්සී කාව්‍ය ශ්‍රී පූජ්‍ය මීගමවත්තේ සිරිනිවාස, ඉතාලි ජාතික පූජ්‍ය කුමාර යන පිංවත් ස්විමීන් වහන්සේලා සහභාගි වෙති.

Leave a Reply