November 19, 2017

අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ජනවාරි 03 වැනිදා

By admin - Fri Jan 01, 7:00 am

3348c773c3ef29c1c1dedec21cd3ac55_L
ගන්දර ශ්‍රී ජයබෝධි මහා විහාරස්ථානය ඇතුළු ඡට්ඨ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක දෙවිනුවර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රවේදී ධර්මාචාර්ය මාරකොල්ලියේ විමල රංසි ස්වාමීන් වහන්සේ වෙත “විද්‍යා නිකේතන ශාසන වංශාලංකාර විල කීර්ති ශ්‍රී“ යන ගෞරව නාමය සහිත අමරපුර මහා නිකායේ අධිකරණ සංඝ නායක පදවිය පිරිනමා ඇත.
අභිනව නාහිමිපාණන් වහන්සේ පිළිගෙන ආශිර්වාද පළකිරීමේ උපහාර උත්සවය ජනවාරි 03 වැනිදා සවස 2.00 ට ගන්දර ශ්‍රී ජයබෝධි මහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

මෙහි මුලසුන හොබවනු ලබන්නේ පානදුර රන්කොත් විහාරාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අංශයේ මහාචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ආචාර්ය කහපොල සුගත රතන අමරපුර මහා නිකායේ අනුනායක ස්වාමීන් වහන්සේ විසිනි.

ගරු අනුශාසක රාජකීය පණ්ඩිත ඇඹිලිපිටියේ සුධම්ම හිමියන් ප්‍රධාන විහාරස්ථ දායක සභාව හා උත්සව කමිටුව මෙම උපහාර උත්සවය සංවිධානය කරති.

Leave a Reply