November 17, 2017

ශ්‍රී පාද වන්දනාව සමය 22 වනදායින් අවසන්.

By admin - Mon May 16, 5:51 am

adams_peak01
පසුගිය උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වු ශ්‍රී පාද වන්දනාව ලබන 22වනදාට යෙදෙන වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයෙන් අවසන් වන බව ශ්‍රි පාදස්ථානාධිපති,පැල්මඩුල්ල රජමහ විහාරය හා රත්නපුර පොත්ගුල් රජමහ විහාරයේ උභය විහාරාධිපති,රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, අති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන් වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ 2015-2016 ශ්‍රි පාද වන්දනා වාරය නිමාවට පත්කිරිමේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවට සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකාවාසී ජනතාවට ආශිර්වාද පිණිස සිදුවන වන්දනා වාරය වෙසක් පෝයට පසුදා පෑලවියෙන් නිමාට පත් වේ.
පෑලවියදා එනම් වෙසක් පුර පසලොස්වක පොහෝ දින නල්ලතන්නියට සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව වැඩමවා සෙත් පිරිත් දේශනා කොට පසුදා උදෑසන පැල්මඩුල්ල රජමහ විහාරය දක්වා රථ පෙරහැරකින් වැඩමවීමත් සමන් දේව මන්දිරයේ තැන්පත් කිරීමටත් නියමිත බව උන්වහන්සේ පෙන්වා දුන්නහ.

එදින සවස අලංකෘත පෙරහැරකින් ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාර මහා දේව මන්දිරයට වැඩමවා පුද සිරිත් සිදු කොට තැන්පත් කිරිමෙන් වන්දනා වාරය නිමවන බවද ශ්‍රිපාදස්ථානාධිපති අති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

Leave a Reply