December 17, 2017

අභය දානය ලබා දුන් කිරි දෙනුන් 53ක් කිරි ගොවීන් වෙත ලබා ලබා දෙයි.

By admin - Tue May 17, 3:37 am

colppd-20115906908_4281801_11052016_lnc
අභය දානය ලබා දුන් කිරි දෙනුන් 53ක් කිරි ගොවීන් වෙත ලබා දීමේ පින්කමක් ගුරුගොඩ මල්බෙරිගම ශ්‍රී වාචිස්සර ධර්මායතනයේදී සිදුකෙරිණි.

මෙම සත්කාරය සදහා කිරි දෙනුන් සපයා තිබුණේ පානදුර වත්තල්පොල මරණයට නියම වූ ගවයන් නිදහස් කිරීමේ සංවිධානය මගිනි.

බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක මීවනපලානේ සුමේධාභිධාන නාහිමියන්ගේ අනුශාසනා පරිදි කිරිගලහේන කෘපනිස සුනිල් ජයරත්න මහතා විසින් කිරිගලහේන ගොවි සංවිධානය, ගුරුගොඩ වැඩිහිටි සංගමය යන සංවිධාන වල සහයෙන් මෙම ප්‍රජා සත්කාර සේවාව සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට පානදුර වත්තල්පොල ශ්‍රී සුදර්ශනාරාමාධිපති දෙනිපිටියේ සෝමරත්න නාහිමියන් සමග ගවයන් නිදහස් කිරීමේ සංවිධානයේ සාමාජිකයන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply