December 17, 2017

වෙසක් වලට විශේෂ විෙශ්ෂ දුම්රිය රැසක්

By admin - Tue May 17, 3:40 am

වෙසක් පොහොය නිමිත්තෙන් බැතිමතුන්ගේ ගමන් පහසුව උදෙසා ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් විශේෂ දුම්රියන් කිහිපයක් එක්කර තිබේ. ඒ අනුව දුම්රිය කාලසටහන පහත පරිදිය. – See more at: http://www.ada.lk/article/159200/%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82-%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A#sthash.2DpjHiwK.dpuf
Train(1)
2016 -05-18 සිට 2016-05-24 දින දක්වා පමණක් කොළඹ කොටුව මාතර හා මාතර කොළඹ කොටුව අතර ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියන් සඳහා සහ මාතර වව්නියාව / වව්නියාව මාතර අතර ධාවනය වන රජරට රැජින ශීඝ්‍රගාමී දුම්රියට අමතර තෙවන පන්තියේ මැදිරිය බැගින් එක්කර ඇත.

2016-05-20 දින සිට 2016-05-22 දින දක්වා කොළඹ කොටුව/වව්නියාව/ කොළඹ කොටුව අතර ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියට අමතර දෙවන පන්තියේ මැදිරියක් එක්කර ඇති අතර, ගල්කිස්ස/කන්කසන්තුරෙයි/ගල්කිස්ස අතර ධාවනය වන යාල්දේවී ශීඝ්‍රගාමී දුම්රිය අමතර තෙවන පන්තියේ මැදිරිය බැගින් එක්කර ඇත.

2016-05-21 දින කොළඹ කොටුව සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වන උත්තර දේවී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හා 2016-05-22 දින කන්කසන්තුරෙයි සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන උත්තරදේවී නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය එස් 11 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටල සහිතව ධාවනය වේ.

2016 -05-20 සහ 2016-05-22 යන දිනයන්වල පමණක් ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වන සියලු නගරාන්තර හා ශීඝ්‍රගාමී දුම්රියන් කැලණිය දුම්රිය ස්ථානයේ නතර කරනු ලැබේ.

2016-05-21 සහ 2016-05-22 යන දිනයන්වල පමණක් ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව සිට ධාවනය වන සියලු නගරාන්තර හා ශීඝ්‍රගාමී දුම්රියන් කැලණිය දුම්රිය ස්ථානයේ නතර කරනු ලැබේ

Leave a Reply