October 21, 2017

ගාල්ල වතුරවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ

By admin - Wed May 25, 5:18 am

13256415_1703940169859053_1498710657198566905_n
13103296_1703939983192405_4813712439423296267_n
අභිනවයෙන් ඉදිවූ ගාල්ල කහදුව වතුරවිල ආරණ්‍ය සේනාසනයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම ඊයේ සිදු කෙරිණි.
පොළොන්නරු යුගයෙන් පසු ශ්‍රී ලාංකේය නිර්මාණ ශිල්පියෙකු විසින් ගාල්ල ඇල්පිටිය කහදුව වතුරවිල ආරණ්‍ය සේනාසන භුමියේ කළු ගලක නිර්මාණය කරනු ලැබූ අඩි 42ක් උසැති අභය මුද්‍රාවෙන් යුත් හිමි හිටි පිළිම වහන්සේ මෙසේ සම්භාවනීය මැති ඇමතිවරුන් විසින් විවෘත කරනු ලැබූහ.

දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානයක්කාර, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, බුද්ධ සාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වී සිටියහ.

මෙම විවෘත කිරීම් වලින් අනතුරුව පැවති ආගමික උත්සවයේ මුලාසනය ආරණ්‍ය සේනාසනයේ විහාරධිපති මහකන්දේ රතනපාල අනූනායක හිමිපාණන් සිදු කරනු ලැබූහ.

Leave a Reply