December 17, 2017

රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන් අපවත් වෙයි

By admin - Wed Sep 07, 3:57 am

Na_Uyane_Thero
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන් අද (7) අලුයම අපවත් වුණා.

කොළඹ පෞද්ගලික රෝහලක අපවත් වී වදාළ උන්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන 12 වන දා නිදහස් චතුරස‍්‍රයේදී සිදුකෙරෙනු ඇති.

1938 අප්‍රේල් මස 24 වන දා උපත ලද උන්වහන්සේ අපවත් වන විට 79 වන වියේ පසුවුණා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය අද සහ හෙට දෙදින තුළ කුරුණෑගල – නාවුල ආරණ්‍ය සේනාසනයට වැඩම කරවා පසුව මේ මස 9 සහ 10 තුළ මහජන ගෞරවය සඳහා අම්බලන්ගොඩ – ගල්දූව – ආරණ්‍ය සේනාසනය වෙත රැගෙන යාමට නියමිතයි.

ඉන් අනතුරුව මේ මස 11 සහ 12 වැනිදා දක්වා බෞද්ධාලෝක මාවතේ පිහිටි ජර්මන් ධර්ම දූත මධ්‍යස්ථානයේ තැන්පත් කෙරෙන උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 12 වැනිදා පස්වරු 3ට සිදුකිරීමට නියමිතයි.

Leave a Reply